ඩිජිටල් ගනුදෙනු රට පුරා ප්‍රවර්ධනය කරන LANKAQRදීප ව්‍යාප්ත වැඩසටහන මෙවර SDB බැංකුවේ සංවිධානයෙන් තංගල්ලේදී පැවැත්වෙයි

    November, 29, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද LANKAQR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන පසුගිය නොවැම්බර් 27 වැනි දින තංගල්ල නගරයට සම්ප්‍රාප්ත විය. SDB බැංකුවේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම අවස්ථාවට දිවයිනේ ප්‍රමුඛ පෙලේ බැංකු, මූල්‍ය ආයතන හා විදුලි සංදේශ සමාගම්ද අත්වැල් බැඳ ගන්නා ලදි.

    LANKAQR ජංගම දුරකතනය හරහා ඩිජිටල් ගෙවීමේ සම්මත ක්‍රමවේදයක් ලෙසින් ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් LANKAQR ප්‍රවර්ධන වැඩසටහන දියත් කරන ලද අතර ඒ යටතේ මාතලේ, ගාල්ල කොළඹ හා මහනුවර යන ප්‍රධාන නගරවල ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කෙරිණි. LANKAQR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ තංගල්ල නගරය ආවරණය කරමින් පැවතියේ මෙම වැඩපිළිවෙලෙහිම තවත් දිගුවකි.

    මෙම අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා වශයෙන් ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඩී.කුමාරතුංග මහතා ඇතු`ඵ ඉහළ නිලධාරීන්, අනෙකුත් බැංකු මූල්‍ය ආයතන හා විදුලි සංදේශ සමාගම්වල නියෝජිතයින් ඇතු`ඵ ගෞරවණීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද LANKAQR කමිටුවේ සභාපතිවරයා වන SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා විසින් මෙම අවස්ථාවේදී පිළිගැනීමේ කථාව සිදු කරන ලද අතර භෞතික මුදල් පරිහරණය නොවන ආර්ථිකයක් සහ සිය`ඵම පුරවැසියන් මූල්‍යකරණයේ ප්‍රතිලාභ ලබන, ඩිජිටල් තාක්ෂණයට නැඹුරු වූ රටක් නිර්මාණය කිරීමේ දැක්මෙහි වැදගත්කම පිළිබඳව ඔහු සිය කථාවේදී අවධානය යොමු කළේය.

    තංගල්ල නගරයේ පැවති LANKAQR ප්‍රවර්ධන වැඩසටහනෙහි මූලික අභිමථාර්තය වන ඩිජිටල් ගනුදෙනු ශ්‍රී ලංකාවේ ජනතාව අතර සම්මත ගනුදෙනු ක්‍රමයක් බවට පත් කරලීම තවත් පියවරකින් ඉදිරියට ගෙනයන ලද අතර සිය UPAY ජංගම දුරකතන ඇප් හරහා ඩිජිටල් ගනුදෙනුවල පහසුව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට වෙර දරන SDB බැංකුවේ ඉලක්කය මෙම වැඩසටහනෙහි දැක්ම හා මනාව සැස`දෙන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

    වැඩසටහන අතරතුර ප්‍රධාන අමුත්තන් සහ වැඩසටහනට දායකත්වය සපයන බැංකු මූල්‍ය ආයතන හා විදුලි සංදේශ සමාගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් LANKAQR ක්‍රමය යොදා ගනිමින් ගනුදෙනු කිරීමද සිදු වීම විශේෂත්වයකි. දවස පුරා සිදු කෙරුණු විවිධ ක්‍රියාකාරකම් අවසන් වූයේ සහභාගී වූ අමුත්තන් තෝරාගත් වෙළෙන්දන් වෙත ගොස් LANKAQR ක්‍රමය යොදා ගෙන ගනුදෙනු සිදු කරමිනි.

    වැඩිදුරටත් දියුණු කර ඇති LANKAQR ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හරහා වඩා කාර්යක්ෂමව ගනුදෙනු සිදු කිරීමේ හැකියාවට අමතරව තවත් බොහෝ ප්‍රතිලාභ වෙළෙන්දන්ට සහ පාරිභෝගිකයින් හට හිමි වේ. විශේෂයෙන්ම පාරිභෝගිකයින් හට ඕනෑම තැනක, ඕනෑම වේලාවක සිය ගෙවීම් සිදු කිරීමට හැකියාව ලැබෙන අතර ඕනෑම වියදමක් හෝ සිය ගනුදෙනු පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හා ඒ පිළිබඳව වඩා නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකි වීම විශේෂ ප්‍රතිලාභයකි. එමෙන්ම වෙළෙන්දන් හට වඩා පහසුවෙන් ඒ මොහොතේම ගෙවීම් ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර එය නාගරික මෙන්ම ග්‍රාමීය ආර්ථිකයන් වඩාත් සංවර්ධිත කිරීමට උපකාරී වේ. විශේෂයෙන්ම සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට හා විධිමත් නොවන ව්‍යාපාර සඳහා අඩු වියදම් ඩිජිටල් ගනුදෙනු ක්‍රමයක වාසිය හිමි වීම ඉතා වැදගත්ය. SDB බැංකුවේ UPAY ඇප් හි ප්‍රවේශය වන්නේද මෙයමය.

    මේ හරහා නිර්මාණය වන ඩිජිටල් ගනුදෙනු පද්ධතිය නිසා වාණිජමය පාරදෘශ්‍යතාවය ඉහළ යන අතර ආර්ථික ක්‍රියාකාරීත්වය වර්ධනය වීමට ඉඩකඩ සැළසේ. මෙහි අවසන් ප්‍රථිඵලය වන්නේ සමස්ත ජාතික ආර්ථිකයේ වර්ධනයයි.

    SDB බැංකුව වැනි පළමු පෙළ බැංකු හා මූල්‍ය ආයතනවල දායකත්වය ඇතිව සිදු වන LANKAQR ප්‍රවර්ධන වැඩසටහනේ තංගල්ල අදියර තවදුරටත් මේ පහසු, වියදම් අවම හා ආරක්ෂිත ඩිජිටල් ක්‍රමවේදය පිළිබඳව දැනුවත්බව ජනතාව හා ව්‍යාපාර අතර ප්‍රවර්ධනය කරන අතර එය ඩිජිටල් සමාජයක් කරා යාමේ ජාතික වැඩසටහන තවත් පියවරකින් ඉදිරියට ගෙන ගොස් ඇත.

    ඡායාරූප - වමේ සිට දකුණට, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඩී.කුමාරතුංග මහතා, ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා.