April, 22, 2026
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වර්තමානයේදී ගුවන් මගීන් සහ භාණ්ඩ තොග රැගත් නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් ඩුබායි ගුවන්තොටුපොළ වෙත සිදු කරනු ලබයි.
ගුවන් මගීන් හැසිරවීම සහ භූමි සේවා සැපයීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ඩුබායි ගුවන්තොටුපොළෙහි එකී සේවාව සපයනු ලබන එකම සමාගම වන Dnata සමාගම අතර අත්සන් කර තිබූ සම්මත බිම් මෙහෙවර සේවා ගිවිසුම 2026-03-31 දිනෙන් අවසන් වී ඇත.
භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා සැපයීම සඳහා සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ Dnata සමාගම අතර අත්සන් කරනු ලැබ ඇති සම්මත බිම් මෙහෙවර සේවා ගිවිසුම 2026-06-30 දිනෙන් අවසන් වීමට නියමිත ය.
ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව පහත දැක්වෙන පරිදි අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
Video Story