ඩොලරයේ අද තත්ත්වය

    February, 14, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 308.26 ක් ලෙසත් විකුණුම් මිල රු. 318.16 ක් ලෙසත් සටහන් වී තිබේ.

    මේ අතර අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 313.42 ක් ලෙසින් වාර්තා වී ඇත.

    පසුගිය දින කිහිපය පුරාවට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ක්‍රමික පහළ යෑමක් වාර්තා කළ එක්සත් ජනපද ඩොලරය මේ වන විට රු. 313 මිල වටා ස්ථාවර වීමක් පෙන්නුම් කරයි.