ඩොලරයේ මිල ක්‍රමයෙන් පහළට

    February, 1, 2021

    එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 188.63 ක් සහ විකුණුම් මිල රු. 193.17 ක් ලෙසින් අද (01) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව වාර්තා වී ඇත.

    මේ අතර නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය අද දින සටහන් වූයේ රු. 190.98 ක් ලෙසිනි.

    වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාත සටහන් පිරික්සීමේදී ද ඩොලරයේ රුපියල් අගයෙහි පහළ යාමක් නිරීක්ෂණය කළ හැකිවේ.

    මෙරට විශාලතම වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 187.25 ක් හා විකුණුම් මිල රු. 194.28 ක් ලෙසින් වාර්තා වේ.

    මේ අතර ලංකා බැංකුව විසින් ආනයන සඳහා ඩොලර් නිකුත් කරන මිල රු. 195.14 ක් ලෙසින් සටහන් වන අතර පසුගිය සතියේ දී මෙම අගය රු. 202 සීමාව ද ඉක්මවා ගොස් තිබුණි.