November, 2, 2023
අද (02) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 322.44 ක් ලෙසත් විකුණුම් මිල රු. 333.43 ක් ලෙසත් වාර්තා වී තිබේ.
2023 ජූලි 31 දිනෙන් පසු ඩොලරයක විකුණුම් මිල රු. 333 සීමාව පළමු වරට ඉක්මවා ගිය අවස්ථාව මෙයයි.
මේ අතර අද දිනයේ දී එ.ජ.ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 328.03 ක් ලෙසින් වාර්තා වන අතර එය ද 2023 ජූලි 31 දිනෙන් පසු වාර්තා වී ඇති ඉහළම අගය වේ.
එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී/ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය යි.
Video Story