November, 1, 2023
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 322.34 ක් ලෙසත් විකුණුම් මිල රු. 332.63 ක් ලෙසත් සටහන් වී තිබේ.
මෙය 2023 ජූලි 31 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.
මේ අතර විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, 2023 වසරේ සැප්තැම්බර් මාසය තුළ දී විනිමය අනුපාතිකය යම් විචලනයක් පෙන්නුම් කරමින් අවප්‍රමාණය වීමක් වාර්තා කර ඇති බවයි.

එහිදී මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.
2023 වසරේ ඔක්තෝබර් මස 31 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 10.9කින් අතිප්‍රමාණය වී පැවතුණි.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2023 වසරේ ඔක්තෝබර් මස 31 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලිං පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය විය.
එහි ප්‍රතිඵලයක් ලෙස, මුදල් වර්ග 24කින් සැදුම්ලත් පැස මත පදනම් වූ මූර්ත සඵල විනිමය අනුපාතිකය (මූ.ස.වි.අ. 24) 2023 වසරේ සැප්තැම්බර් මාසය තුළ දී සුළු වශයෙන් අවප්‍රමාණය විය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා රුපියලෙහි විදේශීය තරඟකාරීත්වයෙහි වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශකාංක 100 සීමාවට වඩා පහළින් පැවතුණි.

Video Story