ඩොලරය තවදුරටත් ඉහළට. විකුණුම් මිල රු. 310 පනී

    June, 20, 2024

    ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 300.63 ක් සහ විකුණුම් මිල රු. 310.05 ක් ලෙස සටහන් වී ඇත.

    2024 මාර්තු 15 දිනෙන් පසුව ඩොලරයේ විකුණුම් මිල රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

    මේ අතර අද දින ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 305.27 ක් ලෙසින් සටහන් වී ඇත.