February, 16, 2024
පසුගිය පෙබරවාරි 05 වන දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයෙහි රුපියල් වටිනාකම නැවත වතාවක් ඉහළ යන ස්වභාවයක් පෙන්නුම් කළ ද පසුගිය වෙළෙඳපොළ දින 6 ක පමණ කාලපරිච්ඡේදය තුළ එය ක්‍රමිකව ස්ථාවර සළකුණු පෙන්නුම් කළේය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 307.70 ක් සහ විකුණුම් මිල රු. 317.76 ක් ලෙසින් සටහන්ව තිබේ.
අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 312.89 ක් ලෙසින් වාර්තා වී ඇත. එය පසුගිය පෙබරවාරි 06 දිනෙන් පසු වාර්තා වී ඇති අඩුම අගය වේ.
Video Story