ඩොලරය රු. 302 මට්ටමට

    March, 26, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63 ක් හා විකුණුම් මිල රු. 307.33 ක් ලෙසින් සටහන් වී ඇත.

    මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය රු. 302.75 ක් ලෙසින් වාර්තා වේ.

    මහ බැංකුවට අනුව 2023 ජූනි 14 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති පහළම රුපියල් අගයය මෙය වනු ඇත.