January, 29, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (29) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 312.67 ක් සහ විකුණුම් මිල රු. 322.77 ක් ලෙසින් වාර්තා වේ.
මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් මිල මෙලෙස රු. 312 මට්ටමට සහ විකුණුම් මිල රු. 322 මට්ටමට පැමිණ ඇත්තේ 2023 අගෝස්තු 04 වෙනදායින් පසුවය.
මේ අතර මේ අතර අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 317.51ක් ලෙසින් වාර්තා වී තිබේ.
එය 2023 අගෝස්තු 07 දිනෙන් පසු වාර්තා වී ඇති අඩුම අගය වේ.
Video Story