ඩොලරය 308 ට බසී

    March, 5, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කර ඇති දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.81 ක් හා විකුණුම් මිල රු. 313.41 ක් ලෙසින් සටහන්ව තිබේ.

    අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත රුපියල් අගය රු. 308.10 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.