• Ada Derana BIZ Sinhala
  • Arundika
  • Parliament
  • sri lanka
  • X-press pearl

ඩොලර් බිලියන 2-3ක් ගන්න පුළුවන් ක්‍රමයක් අරුන්දික කියයි

November, 30, 2022

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා කඩිනමින් නඩු පැවරිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ IMF සමග සාකච්ඡා කරමින් ණය ලබා ගැනීමට වෙහෙස වන කාලය තුළ මේ අවස්ථාවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා මෙම වන්දි මුදල මගින් සපුරා ගත හැකි බවයි.

මන්ත්‍රීවරයා අද (30) පාර්ලිමේන්තුව අමතමින් මේ බව පවසා සිටියේය.

"අපි ගිහිල්ලා ඩොලර් බිලියන 1ක් 2ක් ඉල්ල ගන්න අපි මේ සාකච්ඡා කරනවා, IMF එකත් එක්ක. හැබැයි මේ ඩොලර් බිලියන, මේකේ මුල් අවස්ථාවෙදි ඩොලර් බිලියන 7ක විතර වන්දියක් මුල කතා වුනේ. දැන් මේක 3ට බැහැලා තියනවා. මේක ඩොලර් බිලියන 2ක් 3ක් ගන්න පුළුවන්. මේක හරියට, මම මුල ඉඳලම දරන ස්ථාවරය තමයි කතානායකතුමනි මෙකේ නඩුව දාන්න ඕන."