January, 2, 2024
TIQRI සොෆ්ට්වෙයාර් පෞද්ගලික සමාගම ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 100,000ක ආරම්භක සෘජු විදේශ ආයෝජනයක් සහිතව තොරතුරු තාක්ෂණය පිළිබඳ ව්‍යාපාරයක් කොළඹ වරාය නගරයේ ආරම්භ කිරීම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
2023 අංක 2 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 2(ආ) යටතේ එම ව්‍යාපෘතිය නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා තිබේ.
ඒ අනුව, එකී පනතේ විධිවිධාන යටතේ අදාළ නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීම සඳහාත්, එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහාත්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story