February, 20, 2023
රජය මේ වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි ප්‍රකාශ කර තිබියදී රජය පසුගිය මාස එකහමාරක කාලයක් තුළ රුපියල් කෝටි ලක්ෂය ඉක්මවා ණය ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම පිළිබඳ තර්කයක් නැතත්, සිදු වූයේ තිබූ භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන අවස්ථාවේ ඒ වෙනුවට නව භාණ්ඩාගර බිල්පත් නිකුත් කොට පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම පමණක් බවයි. එසේම අලුතින් හඳුන්වා දුන් බදු මෙම මාසයේ සිට රාජ්‍ය ආදායමට එකතු වුවද, ආදායම සහ වියදම අතර පරතරයක් පවතිනු ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
Video Story