ණය සහ ලීසිං සඳහා අඩු පොලී ලබාගැනීමට ‘කැදැල්ල’ ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටියට ජනතාව රොක්වෙයි

    March, 31, 2021

    පසුගියදා පැවැත්වුණු ‘කැදැල්ල’ ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටියට පැමිණි ජනතාවට නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් ලබාගැනීමේදී විශේෂ අඩු පොලී අනුපාත ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදෙන ලදී. මෙම ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටිය වඩාත් ජනප‍්‍රිය එකක් වූ අතර බැංකුව විසින් ලබාදුන් කාල සීමාව තුළදී අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර ලබාදීමෙන් මෙම පහසුකම් ලබාගැනීමට ලියාපදිංචි වීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදෙන ලදී.

    ශ‍්‍රී ලංකාවේ විශාලතම නිවාස, නිවාස අභ්‍යන්තර උපාංග, දේපොළ සහ ඉදිකිරීමේ ප‍්‍රදර්ශනය වන කැදැල්ල මගින් ශ‍්‍රී ලංකාවේ සියළුම පළාත් නියෝජනය කරන නිෂ්පාදකයින්ට, නිර්මාණකරුවන්ට සහ මූල්‍ය සේවා සම්පාදකයින්ට තම නිෂ්පාදන සහ සේවා ප‍්‍රවර්ධනය කරගැනීමට අවස්ථාව ලබාදෙයි. කොමර්ෂල් බැංකුව වසර ගණනාවක් පුරා මෙම ප‍්‍රදර්ශනයේ අඛණ්ඩව ප‍්‍රදර්ශන කුටියක් පවත්වාගෙන යන අතර එමගින් ආකර්ශනීය ප‍්‍රතිලාභ සහ විශේෂ දීමනාවන් ලබාදෙයි.

    සේයාරුවෙන් දැක්වෙන්නේ 2021 ‘කැදැල්ල’ ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටියට පැමිණි පිරිසගෙන් කොටසකි.