තාරුණ්‍ය සවිබල ගැන්වීමේ Samsung හි වැඩසටහන Samsung ශිෂ්‍ය නියෝජිතයින් වැළඳ ගනී

    December, 29, 2021

    ශ‍්‍රී ලංකාවේ අංක 1 Samsung සැපයුම්කරු වන Samsung හි තාරුණ්‍ය සවිබල ගැන්වීමේ පුරෝගාමී ව්‍යාපෘතිය වන Samsung ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’(Samsung Student Ambassador Programme) පසුගියදා එළිදක්වන ලදී. මෙම මුලපිරීම හරහා සැම්සුන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 26 දෙනෙකුට නව තාක්ෂණයන් සහ තාක්ෂණික ප‍්‍රවීනයන්ගේ දැනුම හා අදහස් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම නව සැම්සුන් හඳුන්වා දීම් රැසකට ප‍්‍රවේශ වීමට අවස්ථාව ලබා දුන්නේය. 2021 වසර සඳහා මෙම වැඩසටහන අවසන් කිරීමෙන් පසු ඒ පිළිබඳව සියලූම ශිෂ්‍ය නියෝජිතයන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාරය ඉහළ මට්ටමක පැවතිණි.

    ”ශිෂ්‍ය නියෝජිතයන් මෙම වැඩසටහන හරහා ලබා ගත් ප‍්‍රතිලාභ ගැන අප අතිශයින් සතුටට පත්වෙනවා. මෙම සිසුන් අප සමඟ ගත කළ ඔවුන්ගේ කෙටි සේවා කාලය තුළ බොහෝ අත්දැකීම් ලබාගත් අතර ඉදිරියේදී ඔවුන් වෙත හඳුන්වා දීමට ඇති නව තොරතුරු පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමටත් අප දැඩි උනන්දුවකින් සිටිනවා. සිසුන් ඔවුන්ගේ පුහුණුව පුරාවටම ඉතාමත් උද්යෝගිමත්ව කටයුතු කළ අතර ඉදිරියේදී ද ඔවුන් සමඟ වැඩ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් Samsung ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ, කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

    Samsung ශිෂ්‍ය නියෝජිත වැඩසටහන ශ‍්‍රී ලංකාවේ තරුණ, දක්ෂ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් වෙනුවෙන් ඔවුන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීමට අගනා වේදිකාවකි. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් සමඟ සංවාද සැසි, පුහුණු වැඩසටහන්, සැම්සුන් විසින් සංවිධානය කරන ලද තරඟ සහ ඉසව් ආදී ලෙස ගෝලීය තාක්ෂණික දැවැන්තයා විසින් පසුගිය මාස කිහිපය පුරාවට පවත්වන ලද විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමට Samsung ශිෂ්‍ය නියෝජිතයන්ට මෙහිදී අවස්ථාව හිමි විය. මෙම දක්ෂ ශිෂ්‍ය නියෝජිතයන්ගේ අත්දැකීම් සහ Samsung ශිෂ්‍ය නියෝජිත වැඩසටහන පිළිබඳව ඔවුන් සමඟ අදහස් බෙදාහදා ගැනීමට සැම්සුන් සමාගම වඩාත් උනන්දු විය.

    මෙම වැඩසටහන හරහා තෝරා ගනු ලැබූ ශිෂ්‍ය නියෝජිතයින්ට බොහෝ විනෝදාස්වාද සැසි සමඟින් අන්තර් පුද්ගල කුසලතා ගොඩනැගීමේ සිට සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයින් සමඟ සම්බන්ධ වීම සහ කණ්ඩායමක් ලෙස අලූත් දේවල් ඉගෙනීම තුළින් පරිපූර්ණ දැනුමකින් සපිරි ශිෂ්‍ය තානාපතිවරයෙකු වීම දක්වා වූ විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීමට හැකි විය. Samsung Student Ambassador වැඩසටහන තාක්ෂණික දැනුමැති ශ‍්‍රී ලාංකේය තරුණ තරුණියන්ට පොදු වේදිකාවක් මතදී එකිනෙකට සම්බන්ධ වීමට මග පාදන ලද අනගි අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

    එමෙන්ම 2022 පළමු කාර්තුවේදී ආරම්භ වන මෙරට සියලූම රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල ආවරණය වන පරිදි ඔවුන්ගේ ශිෂ්‍ය නියෝජිත පදනම පුළුල් කිරීමට Samsung සිය සැලසුම් එළි දක්වා ඇත.

    Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

    ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය  ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.