තැපෑල Breakeven තත්ත්වයට ගෙනඒමේ සැලැස්මක්

    March, 7, 2024

    මෙම වසර අවසාන වන විට තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරය මත යැපෙන්නේ නැති ආයතනයක් බවට පත් කර, 2024.12.31 වන විට ලාභ පාඩු නොලබන තත්ත්වයට ගෙනඒමේ ඉලක්කය අනුව කටයුතු කරනු ලබන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ඊයේ (06) කොළඹ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

    “මෑතක සිට අපේ අරමුණු වෙනස් කරලා තියෙනවා. මේක හුදෙක්ම සේවා සපයන ආයතනයක්, සමාජ සේවා සපයන ආයතනයක් යන්නෙන් ඔබ්බට ගිහින් අපි ව්‍යාපාරික සේවා සපයන ආයතනයක් බවට පරිවර්තනය කරලා තියෙනවා.“

    “ඒ ව්‍යාපාරික සේවා සපයන ආයතනයක් විදියට අපේ පළමු ඉලක්කය වෙලා තියෙන්නේ මේ දෙපාර්තමේන්තුව රටේ භාණ්ඩාගාරය මත යැපෙන්නේ නැති, අඩුම තරමින් Breakeven level එකට ගේන්න ඕනේ කියන ඉලක්කය.“

    “අපේ ඉලක්කට 2024.12.31 තැපැල් දොපර්තමේන්තුව ලාභ පාඩු නොලබන එහෙම නැත්නම් Breakeven තත්ත්වයට ගෙනඒමයි.“