තිරසර පරිසරයක් ගොඩනැගීමේ හරිත දැක්ම සමගින් mymech ශ්‍රී ලංකාවේ මෝටර් වාහන නඩත්තු සේවා ක්ෂේත්‍රයට නව වටිනාකමක් එක්කරයි  

    October, 12, 2023

    කාර් රථ හිමිකරුවන් සහ කාර්මික ශිල්පීන් එකට සම්බන්ධ කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් තාක්ෂණික අවකාශය  mymech  තමන්ගේ නවතම හරිත මුලිකත්ව වැඩසටහන තුළින් තිරසර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අසමසම පියවරක් ඉදිරියට තැබීය. රොටරි ශ්‍රී ලංකා සමඟ එක්ව  mymech ඩිජිටල් app එක ඕනෑම ජංගම දුරකථනයකට බාගත කරගන්නා සෑම අවස්ථාවක දී ඊට සමගාමීව ගසක් පැල කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට mymech කටයුතු කරයි. මෙහිදී වාහන මගින් සිදුවන කාබන් විමෝචනය හරිතකරණය හරහා සමපාතකරණයක් සිදුකිරීම මෙන්ම ඒ හරහා තිරසර පරිසරයක් ගොඩනැංවීම අරමුණු වේ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) මඟින් ක්‍රියාත්මක වූ,"Spiralation” වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ  mymech හී අරමුණ වන්නේ කාර් රථ හිමිකරුවන්ට පහසු විශ්වාසනීය අයුරින් සිය වාහන අලුත්වැඩියාව කරගැනීමේ කාර්මික ශිල්පීන් ඩිජිටල් අවකාශයක් තුලින් සොයා ගැනීමේ පහසුව ඇති කිරීමයි. මෙමඟින් ඔවුන්ගේ කාර් රථයේ ඇතිවන ඕනෑම කාර්මික හෝ නඩත්තු අවශ්‍යතාවයකටම වඩාත් ගැළපෙන තාක්ෂණික කාර්මිකයාව පහසුවෙන් සොයා ගැනීමේ අවකාශය ලැබෙයි. එය හදිසි කාර්මික දෝෂයක්, වාරයෙන් වාරයට කළ යුතු කාර්මික සේවාවක්, කාර් රථය පරීක්ෂා කරගැනීමක් හෝ car spa සේවාවක් හෝ වේවා මේ ඕනෑම අවස්ථාවක දී mymech app එක මගින් අදාළ අවශ්‍යතාවය වඩාත්ම ගැළපෙන නිවැරදිම කාර්මික ශිල්පියා සොයා ගැනීමේ අවස්ථාව ලබා දෙයි. මීට අමතරව mymech app එක iOS සහ Android උපාංග වල භාවිතා කළ හැකි අතර භාවිතා කරන්නාට ඉතාම පහසුවෙන් හැසිරවිය හැකි පරිදි මනාව නිමවා ඇත.

    තම ආයතනික වගකීම හොඳින්ම හඳුනන mymech, වාහන වලින් සිදුවන කාබන් විමෝචනය නිසා පරිසරයට වන හානිය අවබෝධ කර ගනිමින් වාහන ක්ෂේත්‍රයෙන් සිදුවන කාබන් විමෝචනය අවම කර ගැනීම වෙනුවෙන් මේ තැබූ පියවර සමස්ත වාහන ක්ෂේත්‍රයටම පූර්වාදර්ශයකි. ශ්‍රී ලංකාවේ තිබෙන වාහන වලින් 90%ක පමණ පරිසරයට හානිදායක සංඝටක අඩංගු දුම් විමෝචනය වන අතර එම ගැටලුව විසඳා ගැනීමට හැකි ඉක්මනින් පියවර ගැනීම ඉතා වැදගත් කාලීන තත්ත්වයකි.  mymech    මගින් වාහන හිමියන්ට ඔවුන්ගේ ඇප් එක භාගත කර ගැනීම හරහා සහ එම ඇප් එකේ සේවාවන් ලබාගැනීම හරහා පරිසරයට යම් ධනාත්මක බලපෑමක් සිදුකිරීමේ අවකාශය උදාවෙයි. පාරිභෝගිකයන්ට mymech app එක හරහා තමන් වෙනුවෙන් සිටුවන ගස් පිළිබඳව සහ එයින් පරිසරයෙන් කාබන් ප්‍රතිශතය අවම වන ආකරය නිවැරදිව දැකබලා ගැනීමේ හැකියාව ලැබේ. මෙම පාරදෘශ්‍ය පියවර නිසා ඕනෑම කෙනෙක්ට තමන්ගේ තිරසර ක්‍රියාකාරකමක් තුළින් පරිසරයට සිදුවන සාධනීය අගය දැකබලා ගැනීමේ හැකියාව ලැබීමෙන් තව තවත් මෙවන් වටිනා කාර්යන්නට දිරිගැන්වීමක් ලැබෙන අතර ඒ හරහා පරිසරය සුරැකීමට මනා පිටුවහලක් ලැබෙයි.  

    mymech සංකල්පයේ නිර්මාතෘ, කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අෆ්සාල් මෙම සුවිශේෂී අවස්ථාවේ දී තමන්ගේ තිරසර කැපවීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය,“අපිට මෙම වැඩසටහන ආරම්භ කිරීමට ලැබීම ගැන අපි ඉතාම ආඩම්බර වෙනවා. මේක පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපේ තිබෙන කැපවීම පිළිබිඹු කරන්නක් පමණක්ම නෙවෙයි, ලංකාවේ වාහන හිමියන්ට අපේ පරිසරය අපේ ලෝකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව දායකත්වය ලබාදීමට අවස්ථාවක් උදාවෙනවා. සෑම  mymech app  ඩවුන්ලෝඩ් කිරීමකටම සහ සේවා සන්ධිස්ථානයක දීම ගසක් පැලකිරීමේ තිරසර සංකල්පය තුලින් වාහන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එයින් අනාගතයට හරිතවත් ලෝකයක් බිහිකිරීමට මූලිකත්වය ලැබෙනවා.”

    රොටරි ශ්‍රී ලංකා සමග ඒකාබද්ධ විම හරහා mymech විසින් මෙම මූලිකත්ව වැඩසටහනට සහය වෙන වඩා ශක්තිමත් ජාලයක් නිර්මාණය කරගැනීමට සමත් වී ඇත. මෙම සංවිධාන දෙක එක්ව මිලියනයක් පමණ ගස් රෝපණය කිරීමට අපේක්ෂා කරයි. එය ලංකාවේ තිබෙන වාහන ප්‍රමාණයට සමගාමී වෙයි. එසේම මෙම වාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මඟපාදන අතර එය තුළින්ම සහ ක්ෂේත්‍රයෙන් බාහිරව ද තිරසර පරිසරයක් හරිත ලෝකයක් ඇති කිරීම වෙනුවෙන් කළ හැකි කැපවීමට හොඳම සාක්ෂියකි.

    රැක් රෝපණයට එහා ගොස් වාහන ක්ෂේත්‍රය තුළින් කාබන් විමෝචනය අවම කිරීමට සහ පරිසර හිතකාමී පුරුදු ඇති කිරීම හරහා තිරසර පරිසරයක් හරිත ලෝකයක් ගොඩනැගීමට mymech ඉදිරියට පැමිණ ඇත. තාක්ෂණය සහ තිරසර පරිසර අවශ්‍යතාවයන් සහසම්බන්ධ කරමින් mymech විසින් කාර් හිමියන් තමන්ගේ රථයේ සේවාවන් සහ නඩත්තු කටයුතු කරගැනීමේ පිළිවෙල විප්ලවීය ලෙස වෙනස් කිරීමට මූලිකත්වය ගෙන ඇත.  mymech පිළිබඳව සහ ඔවුන්ගේ තිරසර හරිත මූලිකත්ව වැඩසටහන පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න. https://mymech.lk/

    ඡායාරූප ශීර්ෂය - mymech කණ්ඩායම සහ රොටරි ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්.