තිරසාරත්වය උදෙසා පියවරක් තබමින් අලියාස් විසින් තුරු මිතුරු වැඩසටහන දියත් ලබයි

    January, 7, 2022

    වඩා තිරසාර සහ පරිසර හිතකාමී මෙහෙයුම් හා ක්රියාකාරකම් සිදු කිරීම යන ඔවුන්ගේ  ගෝලීය ප්රයත්නය හා එක්වෙමින් අලියාන්ස් සමූහය සම්බන්ධ වූ අතර පරිසරය වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා කාබන් විමෝචනය අවම කිරීම සඳහා වන ක්රියාකාරකම් කිහිපයක් ක්රියාත්මක කර ඇත. එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස මෑතකදී දියත් කළ තුරු මිතුරු වැඩසටහන දැක්විය හැකි අතර එමගින් සමූහයේ සේවා නියුක්තිකයෙකු විසින් 2025 වසර වන විට හරිතාගාර වායු විමෝචනය 30% කින් අවම කිරීම අරමුණු කරගෙන මෙම පැළ සිටුවීමේ වැඩසටහන ආයතන මට්ටමින් ක්රියාත්මක කර ඇත.

    රුක් රෝපණය දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ඇති සරල  මෙන්ම ඵලදායී මක්රමවේදයක් ලෙස දැක්විය හැකියඑමෙන් ම එය තනිතනිව වුව ද ක්රියාත්මක කළ හැකි ක්රමවේදයක් වන අතර,රුක් රෝපණයකිරීම වැඩි වනවිට, පරිසරය වෙත විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්රමාණයද අඩුවේ. “තුරුමිතුරුව්යාපෘතිය හරහා, අලියාන්ස් ලංකා  සමාගමේ සෑම සේවකයෙකුටම දේශීය පළතුරු පැළ  ලබා දුන් අතර ,එහි දී ඔවුන් ජීවත් වන ප්රදේශවල පස සහ අනෙකුත් පාරිසරික තත්ත්වයන් පිළිබඳවද අවධානය යොමු කිරීම විශේෂිතය.පරිසරය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස පොලිතින් භාවිතය අවම කිරීම සඳහාද අවධානය යොමු කර ඇති අලියාන්ස් ලංකා සමාගමතුරුමිතුරුවැඩසටහන මගින් බෙදා දුන් 2200 කට අධික සියලුම පැළ  නැවත භාවිත කළ හැකි මලු තුළ  රෝපණය කර තිබීම ද සමාජය වෙත ලබා දුන් පූර්වාදර්ශයක් ලෙස සඳහන් කළ හැකිය.

    2021 වසරේ පැවති දැඩි අභියෝගාත්මක තත්ත්වයන් මගින් උගත් පාඩම් මතකයේ රඳවා ගනිමින්,සමෘද්ධිමත් 2022 නව වසරක් උදා කර ගැනීම වෙනුවෙන් ක්රියාත්මක වූ අලියාන්ස් ලංකා සමාගම, 2021වසරේ අවසන් මාසයේ ක්රියාත්මක කළ මෙම සුවිශේෂී වැඩසටහනට සිය පවුලේ සාමාජික සාමාජිකාවන් ද සහභාගි කර ගැනීමේ අවස්ථාව තම සේවක සේවිකාවන්ට ලබා දීමට කටයුතු කළේය. එමෙන්ම මෙම වැඩසටහනට සිය සේවක සේවිකාවන්ගේ දරුවන් සහභාගී කරවා ගැනීම තුළින් ඔවුන් තුළ ජයග්රහණය, වගකීම් සහගත බව යන හැඟීම් මෙන්ම, ධනාත්මක පෞරුෂයක් ගොඩ නැංවීමද අලියාන්ස් ලංකා සමාගම විසින් අරමුණු කරනු ලබයි.

    තුරු මිතුරුවැඩසටහන තවදුරටත් අර්ථවත් කිරීම සඳහා දේශීය විශේෂඥයෙකුගේ සම්පත් දායකත්වයෙන්, අලියාන්ස් ලංකා  සමාගමේ සේවක සේවිකාවන් සඳහා අන්තර්ජාලය ඔස්සේ සජීවී සාකච්ඡා වැඩසටහනක් පැවැත්වුණු අතර,එහිදී පරිසරය රැක ගැනීමේ වැදගත්කම සහ ඔවුන් වෙත ලබා දුන් පැළ රෝපණය කර වඩාත් හොඳින් රැක බලා ගත හැකි ක්රමවේදයන් පිළිබඳවද ඉතා හොඳ අවබෝධයක් ලබා දීමද එහිදී සිදු කෙරිනි.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්රමනියම් මහතා සඳහන් කර සිටියේතිරසරභාවය අලියාන්ස්  සමාගම අරමුණු කරන ප්රධානතම සංකල්පයක්. අපගේ ව්යාපාරික ක්රියාවලිය   තුළ තිරසාරභාවය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන බව පැවසිය යුතුම යි. “තුරුමිතුරුවැඩසටහන යනු විශේෂයෙන්ම අපගේ හදවත්වලට සමීප වැඩසටහනක්. ගස් සිටුවීම අපි හැම දෙනාටම ඉතා හුරු පුරුදු ක්රියාකාරකමක්. මේ සරල ක්රියාකාරකම මගින් ජනතාව ඒකරාශී කරමින්  අනාගත පරපුරට ජීවය ලබා දීම අපගේ අරමුණයි. තමන්ට  හැකි ඕනෑම ආකාරයකින් මෙම ව්යාපෘතිය සමග එක් වන ලෙස මම සියලුම ශ්රීලාංකිකයින්ට ආරාධනා කරනවා.ඒවගේම මෙවැනි විවිධ වැඩසටහන් මගින් පරිසරය සුරැකීම සඳහා අලියාන්ස්  සමාගම නිරන්තරයෙන් කැපවන  බවත් මම අවධාරණය කිරීමට කැමතියි.“ යනුවෙනි.

    Image Caption: තුරු මිතුරු ව්‍යාපෘතියට සහභාගී වන Allianz Lanka ආයතනයේ කාර්යමණ්ඩලය