තිරසාරත්වය වෙනුවෙන් සිය කැපවීම නැවත ප්‍රදර්ශනය කරමින් SDB බැංකුව හොරණ සහ කළුතර ශාඛාවන්හි සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කරයි

    October, 9, 2023

    SDB බැංකුව පාරිසරික, සමාජයීය සහ යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දැඩි කැපවීමකින් ක්‍රියා කරන බැංකුවකි. ඊට අදාළව විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්‍රමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා SDB බැංකුව බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ අතරින් හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගම සමඟ එක්ව සූර්ය විදුලි පද්ධති ස්ථාපනය කිරීම සඳහා 2021 වසරේදී විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම කැපී පෙනෙන කාර්යයකි. එම ණය පහසුකම යටතේ ස්ථාපනය කෙරුණු පළමු වාණිජමය සූර්ය බලශක්ති පද්ධතිය ස්ථාපනය කිරීම 2022 වසරේදී සිදු විණි.

    මේ වසරේදී සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍යමය සවිය සපයන්නෙකුගේ භූමිකාවට පමණක් සීමා නොවී සිය ශාඛා ජාලය සඳහාද සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමට SDB බැංකුව පියවර ගෙන තිබීම පැසසුම් සහගතය. මෙමහරිත ගොඩනැඟිලිවැඩසටහන යටතේ සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම පසුගියදා SDB බැංකුවේ හොරණ සහ කරාපිටිය ශාඛාවල සිදු කෙරිණි.

    හොරණ ශාඛාවේ බලශක්ති පද්ධතිය ස්ථාපනය කිරීමහරිත ගොඩනැඟිලිවැඩසටහනේ නිල ආරම්භය සනිටුහන් කරමින් උත්සවාකාරයෙන් පැවත්වුණු අතර එය SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. මෙම අවස්ථාව සඳහා SDB බැංකුවේ විධායක කළමනාකාරණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ නියෝජිතයින්, පාරිභෝගිකයන් ඇතුළු තවත් අමුත්තන් රැසක්ද සහභාගී වී සිටියහ.

    හොරණ ශාඛාවේ සහ කරාපිටිය ශාඛාවේ ස්ථාපනය කළ සූර්ය පැනල පද්ධතියට solar PV array rooftop power generation පද්ධති දෙකක් අයත් වන අතර ඒ හරහා ජනනය කෙරෙන කිලෝ වොට් 45 (45kW) බලශක්තිය නිසා ශාඛාවල කටයුතු බොහෝ ප්‍රමාණයක් සූර්ය බලශක්තිය හරහාම සිදු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ නිසා ඉදිරි වසර 20 ක කාලය පුරාවට පරිසරයට බැහැර වීමට නියමිතව තිබූ කාබන්ඩයොක්සයිඩ් ටොන් 866 ක් (tCO2e) එලෙසින් පරිසරයට බැහැර වීම වැළක්වෙනු ඇත. කාබන් ඩයොක්සයිඩ් ටොන් 866 ක් යනු මෝටර් රථ 193 ක් අඛණ්ඩව වසරක් පුරා ධාවනය වුවහොත් මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන ප්‍රමාණයකි

    එමෙන්ම මෙම පද්ධතියේ ජීව කාලය වන වසර 20 ක කාලය තුළ ජනනය කෙරෙන විදුලි බලශක්ති ප්‍රමාණය වන කිලෝ වොට් පැය 1,311,386 (kWh) සාමාන්‍යයෙන් නිවාස 60 කට මාසිකව අවශ්‍ය වන විදුලි බලශක්ති ප්‍රමාණයට සමානය.

    SDB බැංකුවේ හොරණ ශාඛාවේ සූර්ය බලශක්ති පද්ධති විවෘත කිරීමේ අවස්ථාව නිල වශයෙන් සනිටුහන් කිරීම සඳහා SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් සමරු සටහන් පුවරුවක් ලෙස ස්වභාවික හරිත පුවරුවක් (Natural Green Wall) නිරාවරණය කරන ලද අතර එහි හොරණ ශාඛාවේ තිරසාර, පරිසර හිතකාමී අංගයන් මෙන්ම SDB බැංකුව විසින් පාරිසරික, සමාජයීය සහ යහපාලන තිරසාරත්වය වෙනුවෙන් ගෙන ඇති පියවර සවිස්තරාත්මකව දැක්වේ.

    SDB ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා සමරු පුවරුවක් ලෙස ස්වභාවික හරිත පුවරුව විවෘත කරමින්

     

    ඡායාරූප විස්තරය : SDB බැංකුවේ කළමනාකාරීත්වය සහ හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ නියෝජිතයින් හොරණ ශාඛාවේ පැවැතිහරිත ගොඩනැඟිලිවැඩසටහනේ නිල ආරම්භය සනිටුහන් කළ උත්සවයේදී