තුන්වැනි වරටත් SLT-MOBITEL අනුග්‍රහයෙන් බලගැන්වූ  ‘මහගස්තොට Festival of Speed 2021’ සාර්ථකව නිමාවට පත්වේ

    April, 7, 2021

    නුවරඑළිය, මහගස්තොට කේන්ද්‍ර කරගනිමින් මෙවර 87 වැනි වරටත් සංවිධානය කෙරුණු SLT-MOBITEL මහගස්තොට Festival of Speed 2021’ කඳු තරණය අප්‍රේල් 04 වන දා සාර්ථකව නිමාවට පත්විය.

    SLT-MOBITEL, මෙම තරගාවලියට අඛණ්ඩව අනුග්‍රහය ලබාදුන්නේ තුන්වැනි වරටය. මෙවර  කඳු තරණය ආරම්භ වූ අප්‍රේල් 03 වන දින පැරණි මෝටර් රථ පෙළපාලියක් සහ යතුරුපැදි ධාවන තරගයක් පැවැත්වුණු අතර, අප්‍රේල් 04 වනදා මෝටර් රථ ධාවන තරග සඳහා වෙන් කර තිබිණ.  මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී, චන්දික විතාරණ මහතා ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූයේය.

    මේ අතර SLT-MOBITEL, සන්නාම තානාපති අශාන් සිල්වා තත්පර 31.6ක නව තරග වට වාර්තාවක් තැබීමට සමත්වීම, මෙවර තරගාවලියේ කැපීපෙනෙන සිදුවීමක් විය.

    Video Story

    Stock Market

    Exchange Rates