• Ada Derana BIZ Sinhala
  • Oil Corporation
  • Profits
  • sri lanka

තෙල් සංස්ථාව ලාභ ලබයි. මාස 03 ක ලාභය රු. මිලියන 13,000 ඉක්මවයි

October, 18, 2022

මූල්‍ය කළමනාකරණය, කාර්යක්ෂමතාවය හා මිල සංශෝධනය යන කරුණු සාක්ෂාත් කර ගැනීම හරහා පසුගිය මාස 03ක කාලය තුළ දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන මට්ටමට පැමිණ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (18) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

ඒ අනුව පසුගිය ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවල දී සංස්ථාව අඛණ්ඩව ලාභ වාර්තා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

කෙසේවෙතත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ මෙලෙස ලබන ලාභය සංස්ථාවේ අලාභ පියවීමට ප්‍රමාණවත් නොවන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ ඉන්දියානු ණය ක්‍රමයෙන් ලැබුණු ඩොලර් මිලියන 700ක ණය දෙසැම්බර් වන විට පියවිය යුතු බවත්, රු. මිලියන 252 ක් මහා භාණ්ඩාගාරයට පියවිය යුතු බවත්ය.

අමාත්‍යවරයා පවසන පරිදි 2022 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා තෙල් සංස්ථාව එක් එක් මාසය තුළ දී ලැබූ ලාභ අලාභ පහත පරිදි වේ.

ජනවාරි අලාභය‍ රු. මිලියන 2,900

පෙබරවාරි අලාභය රු. මිලියන 12,000

මාර්තු අලාභය රු . මිලියන 348,969

අප්‍රේල් අලාභය රු. මිලියන 239,912

මැයි අලාභය රු. මිලියන 35,063

ජූනි අලාභය රු. මිලියන 678

ජූලි ලාභය රු. මිලියන 6,314

අගෝස්තු ලාභය රු. මිලියන 1,775

සැප්තැම්බර් ලාභය රු. මිලියන 5,600

 

 

 

Video Story

Stock Market

Exchange Rates