තෝරාගත් සැම්සුන් ප‍්‍රිමියම් ස්මාර්ට් ජංගම දුරකතන සඳහා Galaxy Enhance-X App හඳුන්වා දෙයි

    August, 7, 2023

    ඔබ මෙතෙක් Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පමණක් අත්දුටු beta phase තවදුරටත් පුළුල් කරමින් සැම්සුන් Galaxy Enhance-X app දැන් සැම්සුන් ප‍්‍රිමියර් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන රැසක් වෙත ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. ඡායාරූප සංස්කරණය කිරීමේ නවතම යෙදුම වන මෙය තමන්ගේ ඡායාරූප තමන්ට කැමති අයුරින් සකස් කර ගැනීමට හා ප‍්‍රතිනිර්මාණය කර ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව උදා කර දෙන්නේ තමන් ලබාගත් ඡායාරූපය අනවශ්‍ය සෙවණැලි, අපැහැදිලි හෝ අසමතුලිත ආලෝකය වැනි සාධක හේතුවෙන් තවදුරටත් අපතේ යාමට ඇති ඉඩ හසර අහුරා ලමිනි.

    ඡායාරූප සැණෙකින් වැඩි දියුණු කිරීමට මෙන්ම HDR සහ Moiré ඇතුළු සුවිශේෂී විශේෂාංග සකස් කිරීමේ පහසුව ලබා දෙන AI මඟින් බල ගැන්වෙන Galaxy Enhance-X හි ඇති නම්‍යශීලී බව නිසාම පරිශීලකයන්ගේ සියලූ ඡායාරූපයන්හි හොඳම දේ ඔවුන් වෙත ලබා ගැනීමට ඉඩ හසර ලබා දෙයි.

    ඔබ ලබාගත් ඡායාරූපයට වඩාත් සමාන එහෙත් පරිපූර්ණ ඡායාරූපයක් ඔබට අවශ්‍ය යැයි සිතෙන විට Galaxy Enhance-X හි Magic විශේෂාංගය විසින් ඔබේ පින්තූරයට විශිෂ්ට පෙනුමක් ලබා දෙන්නේ ඔබට ඒ පිළිබඳ මනා අවබෝධයකින් සිදු කළ හැකි ක්ෂණික විසඳුමක් සමඟිනි.  එක් තට්ටු කිරීමක් තුළින් Magic විශේෂාංගය ඡායාරූපය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්නා අතර  ඕනෑම ශබ්දයක්, අපැහැදිලි හා අවම ගුණාත්මක බව හා රූපයේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස ඉහළ දැමීම සඳහා AI භාවිත කරනු ලබයි.

    පරිශීලකයන්ට තමන්ගේ ඡායාරූප තමන්ට අවැසි ආකාරයෙන් සකස් කර ගත හැකි පුළුල් පරාසයක විහිදුණු HDR වැනි මෙවලම් සපයනු ලබන Galaxy Enhance-X තුළින් විශේෂීකරණය, සෙවණැලි, දීප්තිය හා ප‍්‍රතිවිරෝධතා (contrast) විශ්ලේෂණය කරනු ලබන්නේ රූපය සහිත පරාසය පුළුල් කරන අතරම ගුණාත්මකභාවයේ වෙනසකින් තොරව මනා ආලෝක තත්වයක් ඒ වෙත ලබා දෙමිනි. Galaxy Enhance-X හි බොහෝ විශේෂාංග මෙන් HDR සම්බන්ධ ගැටළුවකදී 0 සිට 4 දක්වා විවිධ මට්ටමෙන් ඉහළ නංවන එය සමාජ මාධ්‍ය හෝ වෙනත් messaging app හරහා අන්තර්ජාලයට එක් කිරීමෙන් අනතුරුව සාරාංශ කර අප වෙත ලැබෙන ඡායාරූප වඩාත් සුපැහැදිලිව ලබා දීම සඳහා ඉහළ මට්ටමේ විශේෂාංගයන් තුළින් 1MP ප‍්‍රමාණයකට යටත්ව එම රූපවල විභේදනය සිව් ගුණයකින් ඉහළ නංවනු ලබයි.

    මෙම ඡායාරූපයන්හි නිශ්චිත ස්ථාන වෙනුවෙන් Fix Moiré සහ Remove Shadows වැනි විශේෂාංගයන්ද Galaxy Enhance සතුය. පරිශීලකයින් හට ලැප්ටොප්, ටීවී හෝ මොනිටර් වැනි තිරයන්හි ඡුායාරූප ගැනීමේදී සිදු වන පුනරාවර්තනය, රැලි සහිත රටා අවම කර ගැනීමේ හැකියාව මෙම Fix Moiré තාක්ෂණය තුළින් උදා වේ. සමහර විට හොඳින් ආලෝකමත් වූ ගෘහස්ත පරිසරයකදී පවා සෙවණැලි ඡායාරූපයට එක් විය හැකි බැවින් ඒවා silhouettes වලින් තොර දීප්තිමත් හා සුපැහැදිලි ඡායාරූප වෙනුවෙන් ඒවා ඉවත් කිරීමද මේ තුළින් සිදු කරයි.

    ගැලැක්සි Enhance-X හි මෙම සුවිශේෂී හැකියාව මිනිත්තු 10කට පෙර ලබාගත් ඡායාරූප සඳහා පමණක් නොව එහි Old Photo මෙවලම මඟින් පැරණි හෝ හානියට පත් ඡායාරූප නැවත සකස් කළ හැකි අතර ඒවාට අමතර පැහැදිලි බවක් එක් කිරීමටද AI උත්පාදකයන් භාවිත කරනු ලබයි. ඡායාරූප වැඩි දියුණු කිරීමේදී පැරණි ඡායාරූපය මුල් ඡුායාරූපයේ පැවති ආකාරයටම සියලූ විශේෂාංගයන් නිවැරදිව සකස් කරගත හැකි අතර වඩාත් පැහැදිලි හා නිවැරදි ඡුායාරූපයක් ඔබට ලබා ගත හැකි වේ.

    ඊට අමතරව Galaxy Enhance-X තුළින් Brighten, Fix Blur, Sharpen, Remove Reflection සහ Fix Lens Distortion යනාදී සංස්කරණයන් ද සිදු කරගත හැකි වන අතර එහි Portrait සහ Face විශේෂාංගයන් Portrait ඡායාරූපයන්හි ආලෝකය හා සමතුලිත බව ඉහළ නැංවීමට උපකාරී වේ.

    තමන් සිදු කරන නිවැරදි වෙනස්කම් මොනවාදැයි තෝරා ගැනීමේ අවස්ථාව සළසා දී ඇති Galaxy Enhance-X තමන්ට ගැලපෙන ආකාරයේ ඡායාරූප සකස් කර ගැනීමේ නව මානයන් හරහා පරමාදර්ශී රූප ලබා ගැනීමේ අවස්ථාව පරිශීලකයා වෙත උදා කර දී ඇත. එසේම යෙදවුමෙහි ඇති ප‍්‍රබල AI මෙවලම් මඟින් තමන් ලබා ගත් ඡුායාරූපවලට පෙර ගත් ඡායාරූප හෝ download කළ ඡායාරූප මේ අකාරයෙන් පරිපූර්ණය කිරීමේ අවස්ථාවද උදා වේ.

    නිල වශයෙන් ජූනි 20 වන දින ප‍්‍රිමියම් Samsung Galaxy ස්මාර්ට් ජංගම දුරකතන සඳහා හඳුන්වා දෙන ලද Galaxy Enhance-X යනු සෑම පරිශීලකයකුටම මෙන්ම  ඕනෑම ඡායාරූපයකට තමන් කැමති ආකාරයේ වැඩි දියුණු කිරීමක් එක් කළ හැකි නවතම ඡායාරූප නවෝත්පාදනයකි.

    Samsung අඛණ්ඩව වසර හතරක් ශ‍්‍රී ලංකාවේ ‘People's Youth Choice Brand of the Year’ ලෙස SLIM Sri Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.