දයා සහ අනෝමා මන්ත්‍රී යුවළ බිම්පුත් තනතුරු අත්හරී

    September, 8, 2015

    නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ දයා ගමගේ සහ අනෝමා ගමගේ යුවළ බිම්පුත් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මේ අනුව, දයා ඩී.කේ. ගමගේ මහතා බිම්පුත් මූල්‍ය සමාගමේ සභාපති ධූරයෙන් සහ අනෝමා ගමගේ මහත්මිය එම සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

    දයා ගමගේ මහතා සතුව මෙම සමාගමේ කොටස් මිලියන 6.5 ක් සහ අනෝමා ගමතේ මහත්මිය සතුව කොටස් මිලියන 6.5 ක් තිබේ.

    පාර්ලිමේන්තුවට තේරී පත්වූ දයා ගමගේ මහතා මේ වනවිට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates