• Ada Derana BIZ Sinhala
  • Maliban Biscuts
  • Nidahase Ran Daruwo
  • sri lanka

දරුවන්ගේ සතුට හා නිදහස වෙනුවෙන් කැපවූ මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ‘ ප්‍රජා සත්කාරයේ දෙවැනි මෙහෙයුම අරඹයි

October, 10, 2022

2021 ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ ආරම්භ කරනු ලැබූ ‘නිදහසේ රන් දරුවෝ’ අති සාර්ථක වසරක් සනිටුහන් කිරීමට සමත් වූයේ ශ්‍රී ලාංකේය දරුවන් රැසකට සතුට හා නිදහස උරුම කර දෙමිනි. පවුලේ ආර්ථික අපහසුතාවන් හමුවේ විවිධ රැකියාවන් වෙත යොමු වීමේ වැඩි ඉඩකඩක් සහිත දරුවන් තෝරා ගනිමින් ඔවුන්ගේ මව්පියන්ගේ හැකියාවන් මත පවුලේ ආර්ථික දියුණුව සළසා ගැනීම සඳහා ආධාර උපකාර ලබා දීමට කටයුතු කළ මැලිබන් බිස්කට් ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල එම දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා දීමටද කටයුතු කරන ලදී. ඒ යටතේ දකුණු පළාතේ හා උතුරු මැද පළාතේ පවුල් වෙත ආර්ථික දියුණුව සළසා ගැනීමේ මංපෙත් විවර කර දෙමින් එම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සවියක් වන්නට මැලිබන් ගෝල්ඩ් මාරි නිදහසේ රන් දරුවෝ අරමුදල සමත් විය. එම පවුල්වලින් බොහොමයක් ඉතා සාර්ථක අයුරින් සිය ආර්ථික දියුණුව සලසා ගනිමින් සිටින බවද මෙහිදී සඳහන් කළ යුතුය.

අලෙවි වන සෑම මැලිබන් ගෝල්ඩ් මාරි ග්‍රෑම් 80 පැකට්ටුවකින්ම ශත 50ක මුදලක් බැර කරමින් ශක්තිමත් වන මැලිබන් ගෝල්ඩ් මාරි‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තව දුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඊට අදාළ ත්‍රෛපාර්ශවික ගිවිසුම නැවත අලුත් කිරීමට කටයුතු කරන ලදී. කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා හේමන්ති ප්‍රනාන්දු මහත්මිය හා MullenLowe  Sri Lanka හි සමූහ ප්‍රධාන නිර්මාණ නිලධාරී ඩිල්ශාරා ජයමාන්න මහතා විසින් අත්සන් කළ එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් තුළද ළමා ශ්‍රමිකයින් බවට පත්වීමේ අවදානමක් සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ පවුල් සඳහා ජීවනෝපාය මාර්ගයක් සකස්කර දීමට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබා දීමට ඒ තුළින් බලාපොරොත්තු වේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට අමතරව මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල විසින් එම අවස්ථාවේදී දරුවන් 100ක් සඳහා අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රසිරි මහතා පවසා සිටියේ මෙසේයි. “පසුගිය වසර පුරා අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටි දරුවන් රැසක් වෙත සතුට හා නිදහස ගෙන ඒමට මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදලට හැකියාව උදා වුණා. මෙවන් කාල වකවානුවක් තුළ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීමට දායක වීම පිළිබඳව මැලිබන් බිස්කට් ආයතනයටත්, නිදහසේ රන් දරුවෝ අරමුදලටත් මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. එම වැඩසටහන තව දුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ගිවිසුම් ගත වීම තුලින් තවත් විශාල පිරිසකට පැහැබර අනාගතයක් උදා කර දීමට අප සියලු දෙනාට හැකියාව උදා වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

මෙහිදී අදහස් දැක්වූ මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී කුෂාණි පීරිස් මහත්මිය සඳහන් කර සිටියේ “2021 වසරේ ලෝක ළමා දිනය වෙනුවෙන් ආරම්භ කරන ලද ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තුළින් ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් යුත් පවුල් රැසක් නගා සිටුවීමට මෙන්ම ඒ තුළින් දරුවන් රැසකට සතුට හා නිදහස යළි උරුමකර දීමට අපට හැකි වුණා. ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වලද මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල හරහා දරුවන්ගේ සතුට හා නිදහස වෙනුවෙන් කැපවෙමින් ඔවුන්ගේ පවුල්වල ආර්ථිකය නගා සිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කැපවී කටයුතු කරනවා. ඒ වගේම එම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන සිටින සියලු ආයතනයන් වෙනුවෙන් මේ මොහොතේ මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි” යනුවෙනි.

මෙම ගිවිසුම යටතේ කම්කරු දෙපාර්තමේන්තුව වෙත වාර්තා වන ළමා මෙහෙකාර සේවය හා සම්බන්ධ දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල තොරතුරු මත පදනම්ව මැලිබන් බිස්කට් ආයතනය විසින් සිය ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ පිහිටුවා ඇති ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල හරහා එම දරුවන්ගේ පවුල් ආර්ථික වශයෙන් දිරිමත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරනු ලබයි. අලෙවි වන සෑම මැලිබන් ගෝල්ඩ් මාරි 80ට ක පැකට්ටුවකින්ම ශත 50ක මුදලක් එම අරමුදල වෙත බැර වේ. එම අරමුදල යොදා ගනිමින් අදාල පවුල් ආර්ථිකමය වශයෙන් දිරි ගැන්වීමට කටයුතු කරන අතර අදාළ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා MullenLowe  Sri Lanka ආයතනය කටයුතු කරනු ලබයි.

මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ බී.කේ. ප්‍රභාත්  චන්ද්‍රකීර්ති මහතා සහ Mullenlowe Sri Lanka ආයතනයේ   සමූහ ප්‍රධාන නිර්මාණ නිලධාරී ඩිල්ශාරා ජයමාන්න මහතා ගිවිසුමට අත්සන් තබමින්

 

ඡායාරූප විස්තරය - ලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය විසින් නිදහසේ රන් දරුවෝ සමරු ඵලකය කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ බී.කේ. ප්‍රභාත්  චන්ද්‍රකීර්ති මහතා වෙත ලබා දෙමින්. මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ  සමූහ විධායක නිලධාරී රවී ජයවර්ධන මහතාද  පසෙකින් වේ.