• Ada Derana BIZ Sinhala
  • Harsha de Silva
  • Parliament
  • sri lanka

දැඩි කොන්දේසි මත කැසිනෝ නියාමන පනතට මුදල් කාරක සභාවේ අනුමැතිය

December, 8, 2022

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත සඳහා දැඩි කොන්දේසි සහිතව රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබේ.

එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

"රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියමය සහ 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග. අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කරා. ඒ කොන්දේසි දෙකක් තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව මේ කැසිනෝ වලට ලයිසන් දෙන්න තමයි මේක ගෙනාවේ. අපි ඒකට දැඩිවම විරුද්ධ වුනා. ඊට පස්සේ අපි කිව්වා අපි මේක දෙන්නම් නියාමන අධිකාරියක් කවද ද පිහිටුවන්නේ, කවුද ඒකට වග කියන්නේ, මොනව ද තියන වගකීම් කියලා අපිව දැනුවත් කරලා එන්න කියලා. ඊට පස්සේ ඔවුන් කිව්වා 24 අවසන් වෙනකන් ඔවුන්ට අවශ්‍යයි කියලා. ඒක අපි ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා අපේ කාරක සභාව 2023 සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට මේ රටේ කැසිනෝ නියාමනය කිරීම සඳහා කැසිනෝ නියාමන ආයතනයක් නිර්මාණය කරනවා කියලා ඒ දීපූ පොරොන්දුව මත රජයේ අවශ්‍යතාවය සඳහා අපි මේ අනුමැතිය දීලා තියනවා. හැබැයි ගරු කතානායකතුමනි මම ඒක සභාගත කරනවා. හැන්සාඩ්ගත කරන්න කියලා. ඒකේ අත්සන් කරලා අපි අරන් තියනවා. අපි දිගින් දිගටම හැම මාසේම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා. මේ කට්ටිය මේක කරනව ද කියලා. ගරු කතානායකතුමනි මේ කට්ටිය මේ පොරොන්දුව මේ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙන්න ඕන කියන එක මම ඔබතුමාට ඉතාම වගකීමෙන් කියනවා. මොක ද, ව්‍යවස්ථාවේ 148 යටතේ අපිට පාර්ලිමේන්තුවට තමයි මේ බලය තියෙන්නේ. ඒ බලය යටතේ අපි ඔවුන්ගෙන් අත්සන් ඇතිව ලේඛනයක් අරගෙන තියනවා. ඒක ක්‍රියාත්මක විය යුතුමයි ගරු කතානායකතුමනි."

 

 

 

 

Video Story

Stock Market

Exchange Rates