දැයේ දරුවන්ගේ ඉතුරුම් පුරුද්ද වැඩි කරමින් හා ඉතිරි කිරීමේ අගය වටහා දෙමින් ‘Giftober’ සමඟින් HNB මෙවරත් ලෝක ළමා දිනය සමරයි

    October, 2, 2023

    දැයේ අනාගත ජීවනාලිය වන්නේ අපගේ දරු පරපුරයි. ළමා අයිතීන් සුරැකීම සඳහා ප‍්‍රමුඛතාව දීම සියලූම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලූම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් හා මගපෙන්වීමක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන අතරම, දරුවන් සතුටින් තැබීම වැඩිහිටි අපගේ යුතුකමයි. මේ අරමුණ පෙරදැරිව කුඩා කාලයේ පටන් ඉතුරුම් පුරුද්ද ඇති කිරීමෙන් අනාගත ලෝකය වෙත පියමනින්නට ස්ථාවර ශක්තියක් ඇති කිරීමට කවදත් දැයේ දරුවන්ට හොඳම දේ දායාද කරන හැටන් නැෂනල් බැංකුව දරුවන් වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති සිය බැංකු සේවා සමඟින් මෙවරද ලෝක ළමා දිනය සැමරීමට කටයුතු සූදානම් කර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් HNB තැන්පතු ප‍්‍රධානී විරංග ගමගේ මහතා පැවසුවේ ”පසුගිය වසර කිහිපය මුළුල්ලේ මුහුණ දීමට සිදු වූ ගෝලීය වසංගතය සහ ආර්ථික අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද අපි ‘Giftober’ වැඩසටහන පැවැත්වුවත් මෙවර වඩාත් උත්කර්ෂවත් හා සාර්ථකව 2023 ලෝක ළමා දිනය සැමරීමට සමගාමීව Giftober වැඩසටහන සූදානම් කර තිබෙනවා. බැංකුකරණය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීම සහ ඉතුරු කිරීම හුරුපුරුදු කරවීම මෙහි ප‍්‍රධානතම අරමුණයි.” යනුවෙනි.

    ආරාධිත සිඟිති ගිණුම්හිමි දරුවන් 3500 කට පමණ ඔවුන්ගේ දෙමාපියන් සමඟ දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක 35 කදී රැස් කරවා ඔවුන් සමඟ ‘Singithi Day’ සමරන්නට ද බැංකුව කටයුතු සූදානම් කර තිබේ. මෙම වැඩසටහන ඔක්තෝම්බර් 21 දින පැවැත්වීමට නියමිත අතර එදිනට සහභාගී වන දරුවන් වෙනුවෙන් විනෝදජනක කී‍්‍රඩා සහ ළමා චිත‍්‍රපට ඇතුළු විවිධාංග රැසක් ද පැවැත්වීමට නියමිතය.

    සෑම විටම ගනුදෙනුකාරභවතුන්ට උපරිම ප‍්‍රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මේ වසරේ Giftober ප‍්‍රවර්ධන වැඩසටහන හරහා සෑම සිඟිති ගිණුම්හිමි දරුවෙකුටම ජම්බෝ පෑන් රඳවන, පාසල් උපකරණ කට්ටල සහ ජම්බෝ කැට ඇතුළුව රුපියල් 60,000ක් දක්වා වූ තෑගි වවුචර ආදී ආකර්ෂණීය ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබේ. 2023 ඔක්තෝම්බර් 02 වනදා සිට නොවැම්බර් 17 වනදා දක්වා මෙම වැඩසටහන සෑම HNB පාරිභෝගික ඒකකයකදීම ක‍්‍රියාත්මක වන අතර අවුරුදු 16 ට අඩු සෑම දරුවෙකුටම මෙම ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව ඇත.

    මීට අමතරව, සකසුරුවමට දරුවන් දිරිගන්වමින් ඔවුන් බැංකුව වෙත රැගෙන එන සෑම මුදල් කැටයකටම සිඟිති ජම්බෝ කැටයක් (Till-to-Till) ලබා දීමේ ප‍්‍රවර්ධන වැඩසටහන ද ඔක්තෝම්බර් 2 වනදා සිට නොවැම්බර් 17 වනදා දක්වා සෑම ශාඛාවකම ක‍්‍රියාත්මක වේ. මෙහිදී ඔබේ කැටයට එකතු කළ මුදල HNB සිඟිති ගිණුමක තැන්පත් කරන කරන දු දරුවන්ට ආකර්ෂණීය HNB Jumbo කැටයක් නොමිලේම හිමි කරගැනීමට හැකියි.

    ‘‘අපගේ අනාගත පරම්පරාවට වඩා හොඳ සමාජයක් සහ ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දරුවන් මෙහෙයවීම සහ ඒ සඳහා ඔවුනට සහායවීම අපගේ වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස අපි සලකනවා. දරුවන් තුළ යහපත් ගුණාංග ඇති කිරීම වෙනුවෙන් දෙමාපියන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති අතර, වගකිවයුතු බැංකුවක් ලෙස, දරුවන්ට යහපත් අනාගතයක් උදාකරලීමටත් ඒ සඳහා ඔවුන් දිරිගැන්වීමටත් අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප කටයුතු කරනවා.’’

    වර්තමානයේදී ශ‍්‍රී ලාංකික බැංකුවක් විසින් පිරිනමන විශාලතම ශිෂ්‍යත්ව අරමුදල මෙන්ම ළමුන් වෙනුවෙන් වටිනා මුදල් ත්‍යාග හා ශිෂ්‍යත්ව පිරිනමන කැපී පෙනෙන වැඩසටහනක් ලෙස HNB දිරි දරු හඳුන්වා දිය හැකියි. එමගින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය ජය ගන්නා සියලූම සිඟිති ගිණුම් හිමි දු දරුවන්ට මෙන්ම අධ්‍යන පොදු සහතික පත‍්‍ර විභාග හා ලන්ඩන් O/L හා A/L විභාගවලින් විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගන්නා HNB ගිණුම් හිමි දරුවන්ට වටිනා මුදල් ත්‍යාග පිරිනැමේ. මේ සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන්ගේ ගිණුම්වල අවම ශේෂයක් පවත්වා ගත යුතුයි.

    මීට අමතරව, දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමින් බාල වයස්කාර දරුවන් සඳහා දෙමාපියන් විසින් බැංකුවට ලබා දෙන ස්ථාවර නියෝග මත ක‍්‍රියාත්මක වන විශේෂ රක්ෂණාවරණයක් ද HNB හඳුන්වා දී තිබේ. ඒ අනුව, දෙමාපියන් විසින් දරුවාගේ සිඟිති හා Teen ගිණුමට ලබා දෙන රුපියල් 1000 සිට රුපියල් 25,000ක දක්වා වන මාසික ස්ථාවර නියෝග සඳහා මෙම නොමිලේ රක්ෂණාවරණය හිමි වේ. යම් අවාසනාවන්ත හේතුවක් මත දෙමාපියන් අහිමි වුවහොත් බැංකුව විසින් එම ස්ථාවර නියෝගය දරුවාට වයස අවුරුදු 18 වන තෙක් මාසිකව ක‍්‍රියාත්මක කරනු ලබයි.

    බලාපොරොත්තු සහගත නව යෞවනය වෙනුවෙන්ම හඳුන්වා දී තිබෙන ගිණුම ලෙස HNB TEEN+ හඳුන්වා දිය හැකිය. TEEN සහ TEEN+  ගිණුම් අවුරුදු 12 ත් 18 ත් අතර පසුවන යොවුන් දරුවන් සඳහා රුපියල් දහසක අවම මූලික තැන්පතුවකින් ආරම්භ කළ හැකිය. TEEN+ ගිණුම්වල ඉතුරුම් සඳහා ලැබෙන ආකර්ෂණීය පොළී අනුපාතයට අමතරව Tap&Go Debit කාඞ්පතක් ද ලබා දෙයි. මේ හරහා digital banking පහසුකම නොමිලේ ලබා දෙන නිසා අන්තර්ජාලය හරහා online ගනුදෙනු කිරීමේ පහසුකම සහ debit කාඞ්පත් මගින් ගනුදෙනු කිරීමේ පහසුකම දරුවන්ට හිමි වේx ඔවුන්ට ස්වාධීනව තම මුදල් අවශ්‍යතා ඉටු කර ගැනීමට මෙය වඩාත් පහසුවක් සලසන අතරම මුදල් කළමනාකරණය පිළිබඳව හොඳ අවබෝධයක් ද ලබා ගත හැකියි. මෙහි විශේෂත්වය වන්නේ මෙම ගිණුම හරහා සිදු කරන ගනුදෙනු පිළිබඳ තොරතුරු ක්ෂණිකව දෙමාපියන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් හරහා ලැබීමයි. මෙමගින් දෙමාපිය අධීක්ෂණය යටතේ යහපත් මූල්‍ය විනයක් පවත්වා ගැනීම සඳහා ජාතියේ දරුවන් පාසැල් අවධියේ සිටම හුරු කරවීම HNB අභිප‍්‍රාය වෙයි.

    තවද පාසල් ළමුන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව ශිෂ්‍ය ඉතුරුම් ඒකක සංකල්පය 1993 වසරේදී ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙන ලදී. එතැන් සිට බැංකුව ශ්‍රී ලංකාව පුරා ශිෂ්‍ය ඉතුරුම් ඒකක 162කට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි සිය සේවාවන් ව්‍යාප්ත කර තිබේ. මෙහි නායකත්වය ගැනීමට ශිෂ්‍ය කළමනාකරුවන් සූදානම් කිරීම හා එයට ක‍්‍රියාකාරී ලෙස දායක කරගනිමින් අනෙකුත් සිසුන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ප‍්‍රවර්ධනය කිරීම මෙම ඒකක හරහා සිදු වෙයි. වාර්ෂිකව බැංකුව මගින් 1000 කට අධික සිසු සිසුවියන් සංඛ්‍යාවක් මේ යටතේ පුහුණු කරනු ලබන අතර එමගින් අනාගත නායකයින් ජාතියට දායාද කිරීමට පෙරමුණ ගනිමින් අනගි ජාතික මෙහෙවරක නිරත වේ.

    එමෙන්ම, තම බාල වයස්කාර ගනුදෙනුකාර දුවා දරුවන්ට උපරිම සේවයක් සැලසීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ පොත් ප‍්‍රකාශන ආයතන රෙදිපිළි වෙළෙඳ ආයතන පාවහන් අලෙවි ජාලා සහ ළමා ක‍්‍රීඩා උපකරණ අලෙවි ජාලයන් සමඟ අත්වැල් බැඳ ගනිමින් HNB ළමා ගිණුම් සඳහා ලබා දෙන ත්‍යාග වවුචරපත් මගින් අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ අවකාශය ද සිඟිති ගිණුම් හිමි දරුවන් හට සලසා දී තිබේ.

    මෙවන් අසමසම ප‍්‍රතිලාභ රැසක් සමඟින් නිරන්තරයෙන් දැයේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්නට ඇප කැප වී සිටින හැටන් නැෂනල් බැංකුව අනාගතය භාර ගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි කැකුළුවලට තම යහපත් ප‍්‍රාර්ථනා ඉටු කරගැනීමට උරදීම තම ආයතනික වගකීම ලෙස සැමවිටම ප‍්‍රමුඛතාවයෙන් යුතුව සලකයි.

     

    ඡායාරූප විස්තරය - HNB තැන්පතු ප‍්‍රධානී විරංග ගමගේ