දිනයේ දෙවන වරටත් කොටස් ගනුදෙනු අත්හිටුවයි

    February, 2, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද දින පස්වරු 1.47 ට යළිත් වරක් අත්හිටුවනු ලැබීය. දිනය තුළ සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි.

    S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 7.50% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී S&P SL20 දර්ශක අගය 7.76% කින් පහළ ගොස් තිබුණි.

    කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් නැවත වතාවක් පස්වරු 2.17 ට වෙලෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වන බව කියා සිටී.

    ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී සියල කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 554.54 ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කර තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 266.81 කින් පහළ ගොස් තිබුණි.