දිනේෂ් ෂාෆ්ටර්

    December, 16, 2022

    ඊයේ (15) දිනයේ දී ඇති වූ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත විය.

    මේ ඒ මහතාගේ ව්‍යාපාරික දිවිය පිළිබඳ කෙටි සටහනකි.

    අභාවප්‍රාප්ත වන විට දිනේෂ් ෂාෆ්ටර් මහතා First Capital Holdings PLC සහ එහි අනුබද්ධිත සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

    මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 25කට අධික අත්දැකීම් ඇත්තෙකු වූ ඔහු ව්‍යාපාර තක්සේරු කිරීම්, ප්‍රතිව්‍යූහගත කිරීම් ඇතුළු ව්‍යාපාර පරාසයන් රැසක විශේෂඥයෙකු ලෙස සැලකේ.

    දිනේෂ් ෂාෆ්ටර් මහතා  එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA) සාමාජිකයෙකි. එමෙන්ම ඔහු ප්‍රංශයේ INSEAD වෙතින් නීතිවේදී උපාධිය (LL.B.) සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ MBA උපාධිය ලබා ගෙන ඇත.

    ඔහු මීට පෙර Kelsey Developments PLC සහ Dunamis Capital PLC හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ලදී.

    ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද ඒ මහතා මෙරට පළමු පෙළ තරඟ ක්‍රීඩා කර ඇත්තෙකි. ඔහු Antonians Sports Club සහ Moors Sports Club යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වමත් දඟ පන්දු යවන්නෙකු ලෙස පළමු පෙළ ක්‍රිකට් තරඟ 16කට සහභාවී වී ඇත.

    අභාවප්‍රාප්ත වන විට දිනේෂ් ෂාෆ්ටර් මහතා දරනු ලැබූ සමාගම් තනතුරු පහත පරිදි වේ.

    First Capital Treasuries PLC - Executive Director & Managing Director

    First Capital Holdings PLC- Executive Director & Managing Director

    Janashakthi Insurance PLC - Non-Independent Non-Executive Director

    Twid Capital (Pvt) Ltd. - Managing Director

    First Capital Trustee Services Pvt Ltd. - Managing Director

    Thornton Engineering Pvt Ltd. - Director

    Pre-Fab Engineering Projects (Pvt) Ltd. - Managing Director & Director

    First Capital Asset Management Ltd. - Managing Director & Director

    Premier Synthetic Leather Manufacturers (Pvt) Ltd. - Director

    Kelsey Homes (Pvt) Ltd. - Managing Director & Director

    Next Ventures Ltd. (Sri Lanka) - Director

    Kelsey Property Developers (Pvt) Ltd. - Managing Director & Director

    The Montessori Workshop (Pvt) Ltd. - Director

    PVIC Management Co. Ltd. - Director

    First Capital Markets Ltd. - Managing Director & Director

    First Capital Ltd. (Sri Lanka) - Managing Director & Director

    KHL Corporate Services Ltd. - Director

    Janashakthi Ltd. - Executive Director

    The Chartered Institute of Management Accountants - Associate Member

    Video Story

    Stock Market

    Exchange Rates