December, 22, 2022
2022 දෙසැම්බර් මාසයේ මුල් දින 20 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 50,375 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.
මේ අනුව 2022 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 678,392 ක් වේ.
දෙසැම්බර් මාසයේ මෙකී කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එය 10,870 කි. මීට අමතරව ඉන්දියාව (8,865), එක්සත් රාජධානිය (4,743), ඕස්ට්‍රේලියාව (3,130), ජර්මනිය (2,409) හා එක්සත් ජනපදය (2,180) මෙම වකවානුවේ දී මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණි රටවල් වේ.







Video Story