January, 26, 2024
2024 ජනවාරි 01 සිට 21 දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 142,162 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.
මෙලෙස පැමිණ ඇති සංචාරකයින්ගෙන් 16% ක්, එනම් 22,660 ක් ඉන්දීය සංචාරකයින් වන අතර, 15% ක්, එනම් 21,603 ක් රුසියානු සංචාරකයින් වේ.
2024 ජනවාරි මාසයේ ගත වූ දින 21 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙසින් ජනවාරි 15 වන දින වාර්තා වන අතර එදින 8,541 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.





Video Story