• Ada Derana BIZ Sinhala
  • Cigarette
  • sales
  • sri lanka

දුම්වැටි අලෙවිය 30% කින් ඉහළට

November, 21, 2022

2021 වසරේ නොවැම්බර් මස 12 වැනි දින සිට සිගරට් මත නිෂ්පාදන බද්ද ඉහළ නැංවීම හේතුවෙන්, සිගරට් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2021 වසරේ පළමු මාස නවයේ වූ රු. බිලියන 62.3 ට සාපේක්ෂව 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ රු. බිලියන 82.6 ක් දක්වා සියයට 32.6 කින් වර්ධනය විය.

අනෙක් අතට, දුම්වැටි අලෙවිය 2021 වසරේ පළමු මාස නවයට සාපේක්ෂව 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දුම්වැටි මිලියන 1,694 සිට දුම්වැටි මිලියන 2,204 ක් දක්වා සියයට 30.1 කින් වර්ධනය විය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2023‘ හි මේ බව සඳහන් වේ.

මේ අතර ලංකා දුම්කොළ සමාගම පවසන පරිදි 2022 මුල් මාස 09 තුළ දී සමාගම රු. බිලියන 126.44 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර මෙම කාලපරිච්ඡේදය සඳහා බදු පෙර ලාභය රු. බිලියන 24.21 ක් ලෙසින් වේ.

එසේම බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 14.11 කි.

2022 සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා ලංකා දුම්කොළ සමාගම රජයට රු. බිලියන 94.24 ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 10.10 ක් ආදායම් බදු ලෙසත් ගෙවා ඇත.

 

 

 

Video Story

Stock Market

Exchange Rates