2023 දෙසැම්බරයේ දී සංචාරකයින් 210,000 ක් ශ්‍රී ලංකාවට. ලක්ෂ 15 ඉලක්කය ආසන්නයටම පැමිණෙයි

    January, 1, 2024

    2023 දෙසැම්බර් මසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 210,352 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (01) දින නිල වශයෙන් දැනුම් දෙන ලදී.

    ඒ අනුව 2023 වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 ක් වේ.

    එහිදී 2023 දෙසැම්බර් මාසයේ අවසන් දින 10 තුළ දී 82,305 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයකි.