දේශයේ කෘෂිකර්මාන්තය සවිබල ගන්වන්නට සියපත ෆිනෑන්ස් වෙතින් කෘෂිකාර්මික අංශය සඳහා කල්බදු පහසුකම් “Agri Lease” 

    May, 17, 2021

    සියපත ෆිනෑන්ස් පීඑල්සී දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතා පැතුම් ඉටුකරමින් “Agri Lease” නාමයෙන් විශේෂ ලීසිං පහසුකමක් හඳුන්වා දී ඇත. කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන් වෙත" වගාකරුවන්ට මෙන්ම කෘෂිකර්මාන්තය හා සබැඳි ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා සඳහා නව කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට හෝ දැනට භාවිතා කරන කෘෂිකාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර යාවත්කාල කරගැනීම සඳහා මෙම ලීසිං පහසුකම ලබාගත හැකිය. ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය කෙරෙහි කෘෂිකර්මාන්තය දක්වන දැවැන්ත දායකත්වය කෙරෙහි අවධානය යොමු කළ සියපත ෆිනෑන්ස් ගොවි ජනතාවගේ සහ කෘෂිකර්මාන්තයේ නියැලි ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා කඩිනමින් හා පහසුවෙන් ඉටුකරදීම අරමුණු කරගනිමින් “Agri Lease” හඳුන්වා දෙයි.

    සියපත ෆිනෑන්ස් “Agri Lease” වෙතින් අඩුම වාරික ගාස්තු" මාසික හෝ වගා කෙරෙන කන්න අනුව නම්‍යශීලී නැවත ගෙවීමේ පහසුකම් ණය ඉල්ලූම් කිරීමේදී අවම ලියකියවිලි සහ කඩිනම් අනුමැතිය ලබාදෙන ක‍්‍රියාවලිය හඳුන්වා දී ඇත්තේ ගොවිජනතාවගේ ජීවන රිද්මය ඉතා හොඳින් හඳුනා ගනිමිනි. සියපත ෆිනෑන්ස් “Agri Lease”  මූල්‍ය පහසුකමේ ඇති කැපී පෙනෙන සුවිශේෂීතාවයක් වන්නේ ලබාගත් ලීසිං පහසුකම අනාගත ආයෝජනයක් ලෙස සකසා ගන්නට ගනුදෙනුකරුවන් දිරිගන්වමින් උපකාරී වීමය. සියපත ෆිනෑන්ස් සුහද කාර්ය මණ්ඩලය එහිදී නියමිත පරිදි වාරික ගෙවීම් පිළිබඳ ගනුදෙනුකරුවන්ට කිසිසේත්ම පීඩනයක් එල්ල නොකොට ලීසිං පහසුකම ගනුදෙනුකරුවන්ට පහසු ආකාරයෙන් නැවත ගෙවීමේ පහසුකම් සලසා දෙයි.

    ශ්‍රී ලාංකීය ජන හදගැස්ම හඳුනන කීර්තිමත් සම්පත් බැංකු සමූහයට අයත් විශ්වාසනීය මූදල් සමාගමක් වන සියපත ෆිනෑන්ස් හඳුන්වාදෙන කෘෂිකාර්මික ලීසිං සේවාව පිළිබඳ අදහස් දැක්වූ සියපත ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා  “අනාදිමත් කාලයක සිට අපේ රට කෘෂිකර්මාන්තය මූලික කරගත් රටක් වූවත් ගොවීන්ටත් කෘෂිකර්මාන්තයේ නියැලූණ අනෙකුත් ව්‍යවසායකයන්ටත් තමන්ගේ වගා කටයුතු වලට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර / තාක්ෂණික උපකරණ ලබාගැනීමේදී තවමත් ආර්ථිකමය වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ පාන්න සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය වටහා ගත් අපි ඔවුන්ගේ ජීවන රටාවට ගැලපෙන නම්‍යශීලී මූල්‍ය සේවාවක් ලබාදීමට Agri Lease ආරම්භ කළා. දේශීය ආර්ථිකය ගොඩනැංවීමෙහිලා අපේ ඉලක්කයේදී සමාජයේ එක් එක් පැතිකඩ ආවරණය කරමින් ජනතාව වෙනුවෙන් පහසු මූල්‍ය සේවාවන් හඳුන්වා දෙන්නට අප ඉදිරියේදීත් කැපවෙනවා.” යැයි පැවසීය.

    කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් වෙනුවෙන් මෑතකාලයේදී ඉදිරිපත් වූ හොඳම සහ පහසුම මූල්‍ය සේවාවක් ලෙස කැපී පෙනෙන සියපත ෆිනෑන්ස් පීඑල්සී හඳුන්වාදෙන Agri Lease කඩිනමින් ලබාගත හැකි නම්‍යශීලී ලීසිං විසඳුමකි.