දේශීයව නිපදවන SCAN Snacks නවතම නිෂ්පාදන රැසක් C. W. Mackie PLC වෙතින්

    March, 3, 2023

    C.W. Mackie PLC දේශීය වශයෙන් නිෂ්පාදනය කරන SCAN Jumbo Peanut, පාරිභෝගිකයන් අතර අතිශයින්ම ජනාදරයට පත්ව ඇති මොහොතක SCAN සන්නාමය යටතේම නව්‍ය නිෂ්පාදන ලෙසින් Cassava Chips, Fried Dhal, Scan Buddy Peanut මෙන්ම Mixtures යන නිෂ්පාදනයන් පසුගිය දා වෙළෙඳපලට හඳුන්වා දෙන ලදී.

    වසර 125ක සාඩම්බර අතීතයක් හිමි කොළඹ කොටස් වෙළෙඳපලේ ලැයිස්තුගත සමාගමක් වන, C.W. Mackie PLC ආයතනය, ආනයනය මෙන්ම අපනයනය තුලින් දෙස් සහ විදෙස් විනිමය උපයන නිෂ්පාදනය සහ අලෙවිකරණයේ යෙදෙන සමාගමකි. C.W. Mackie PLC හි SCAN නිෂ්පාදන අංශය නිෂ්පාදනය සහ ප‍්‍රබල බෙදාහැරීමේ ජාලයකට උරුමකම් කියයි. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම සන්නාමයන් වන Sunquick, SCAN Jumbo Peanut, කොටගල කහට, SCAN  පානීය ජල බෝතල්, Ocean Fresh Tuna, KVC (සැකසූ එළවළු සහ පලතුරු) මෙන්ම N-Joy පොල් තෙල්, Star Brand (Essences සහ Colouring) යන නිෂ්පාදන C.W. Mackie PLC සන්තකයේ පැවතීම, එම ආයතනයේ කීර්තිනාමයට ප‍්‍රබල සාධකයකි. මන්ද උක්ත පාරිභෝගික සන්නාම් බොහෝමයක් එම කාණ්ඩයන්හි වෙළෙඳපල ප‍්‍රමුඛත්වය අත්පත් කරගෙන ඇති බැවිනි.

    වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින් ප‍්‍රබල ගෝලීය සන්නාම් සහ දේශීය නව්‍ය නිෂ්පාදන ගුණාත්මකබවින් පාරිභෝගික ප‍්‍රබෝධය උදෙසා නිරන්තරයෙන් වෙළෙඳපොල වෙත පිරිනැමීමට SCAN  නිෂ්පාදන අංශය නිරතුරුව පියවර ගනී. එම නිසාම ශී‍්‍ර ලංකාවේ මෑතබාගයේ  Snack (කෙටි ආහාර) ක්ෂේත‍්‍රයේ ඇති අවස්තාව මැනවින් හඳුනාගත් C.W. Mackie PLC විසින් SCAN සන්නාමය යටතේම Cassava Chips, Fried Dhal, Scan Buddy Peanut සහ Mixtures පසුගියදා වෙළඳපොල වෙත හඳුන්වාදීමට පියවර ගැනුනි. මෙහිදී විවිධ රසයන්ගෙන් සහ ප‍්‍රමාණයන්ගෙන්, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය හා නවීන තාක්ෂණ සංකලනය යොදා මෙම නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත පිරිනමන්නේ මෙතෙක් රැකගත් විශ්වාසනීයත්වය සැමදා රැකගතයුතු  නිසාවෙනි.

    මෙතෙක්  ආනයනය කර බෙදාහරින ලද SCAN Jumbo Peanut නිෂ්පාදනය, දේශීය වශයෙන් නිපදවීම කෙරෙහි C.W. Mackie PLC හි අවධානය යොමු වන්නේ 2018 වසරේ දී ය. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සමඟ එක්ව දේශීය ජම්බෝ රටකජු ප්‍රභේදයක් නිර්මාණය කිරීමට එම ආයතනය විසින් කටයුතු කෙරිණි. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්මාණය කළ ජම්බෝ රටකජු ප්‍රභේදය මෙරට ගොවියන් අතර බෙදා හරිමින් එම ජම්බෝ රටකජු වගාව ප්‍රවර්ධනය කිරීමටත්, එමගින් නිෂ්පාදනය කෙරෙන අස්වැන්න යොදාගනිමින් SCAN Jumbo Peanut දේශීයව නිෂ්පාදනය කිරීමටත් C.W. Mackie PLC කටයුතු කරයි. මේ වෙනුවෙන් C.W. Mackie PLC හොරණ නගරයේ ආරම්භ කළ අති නවීන කර්මාන්තශාලාව හරහා ගුණාත්මක මෙන් ම ප්‍රමිතිගත Jumbo Peanut, SCAN සන්නාමය යටතේ පාරිභෝගික ජනතාව අතට පත් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

    මෙහි දී අදහස් දැක්වූ C.W. Mackie සමූහ ව්‍යාපාරයේ සභාපති හේමක අමරසූරිය මහතා පැවසුවේ, "මෙම සාර්ථකත්වයට දායක වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන් සහ විශ්වාසයෙන් අපගේ නිෂ්පාදන හා බැඳී සිටින පාරිභෝගිකයින් ඇතුළු සැමට ස්තූතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා" යනුවෙනි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් C.W. Mackie PLC විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා පැවසුවේ මෙවැනි අදහසකි. " මෙතෙක් කාලයක් ආනයනය කළ SCAN Jumbo Peanut නිෂ්පාදනය දේශීය වශයෙන් නිපදවීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු සියලු ම දෙනාට ස්තූතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මෙම ජයග්‍රහණය මගින්  C.W. Mackie PLC වසර 125කට වැඩි කාලයක් පුරා ගොඩනගාගෙන තිබෙන පාරිභෝගික විශ්වාසය තව තවත් වර්ධනය කරගැනීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේ ම හොරණ ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති, අති නවීන තාක්ෂණයෙන් යුත් අපගේ නව නිෂ්පාදනාගාරය හරහා Jumbo Peanut වගේම Cassava Chips, Fried Dhal, Scan Buddy Peanut සහ Mixtures යන නිෂ්පාදන SCAN සන්නාමය යටතේ ම ලබා දීමට හැකි වීම මගින් අපට තිබෙන පාරිභෝගික ආකර්ෂණය තව තවත් වැඩි කරනු ඇති බව මගේ විශ්වාසයයි. මේ හරහා ගුණාත්මක නිෂ්පාදන පෙළක් ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ Jumbo Peanut වෙළෙඳපොළේ 70% ක වෙළෙඳපොළ කොටසක් හිමි, වෙළෙඳපොළ ප්‍රමුඛයා විදියට එය අපගේ වගකීමක් බව මම විශ්වාස කරනවා. මෙම ක්‍රියාන්විතය හරහා දේශීය ගොවියන්ගේ ආර්ථිකය නඟා සිටුවමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට වගේ ම මෙම නිෂ්පාදන අපනයන මට්ටමට ගෙන ඒම තුළින් විදේශ විනිමය මේ රටට ගෙන ඒමත් අපගේ ප්‍රධානතම බලාපොරොත්තුවක්. අවසාන වශයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් සියලු ම දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. ඒ වගේ ම 100% ක් දේශීය SCAN නිෂ්පාදන සමඟ ඉදිරියේදීත් අත්වැල් බැඳගන්නා හැටියට ආදරණීය පාරිභෝගික ජනතාවට මම ආරාධනය කරනවා."