දේශීය ආදායමට දොස්. දුන් නිර්දේශ ඉටු කරලා නැහැ

    February, 28, 2024

    රාජ්ය මූල්ය ප්රතිපත්ති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාව සැලකිල්ලට ගනිමින්, මෙරට බදු එකතු කිරීමේ ක්රියාවලියේ දුර්වලතා පිළිබඳව ද ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.
    විශාල ආදායම් සහිත පුද්ගලයන් බදු දැලෙන් රිංගා යාමත් අඩු ආදායම් සහිත ජනතාවගෙන් බදු එකතු කිරීමත් අනුමත කළ නොහැකි බව කාරක සභාව පෙන්වා දුන් අතර බදු ප්රතිපත්තිය පිළිබඳ මීට වඩා පුලුල් අධ්යයනයක් සිදු කොට අදාළ යාන්ත්රණය විධිමත් කරන ලෙසද උපදෙස් දෙන ලදී. දේශීය ආදායම් පනත සංශෝධන විය යුතු බවත් ඒ සදහා මුදල් අමාත්යාංශය ඇතුළු නිලධාරීන් මූලිකත්වය ගත යුතු බවත් කාරක සභා විසින් අවධාරණය කරන ලදී.
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය සමග ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන ලෙස නිර්දේශ ගණනාවක් ලබා දුන්නද මේවන තෙක් එය ඉටුකර නොතිබීම පිළිබඳව කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී සිය අප්රසාදය පළ කළේය. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තාවකාලික වැට් අංකය ලබා දීම නිසා රජයට විශාල බදුමුදලක් අහිමි වන බව ද ඒ මහතා පැවසීය.