දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කරන්නට Daraz වෙතින් “Seller Promises 2021”

    April, 20, 2021

    දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවි ජාලය වන Daraz, දේශීය ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි මාස කිහිපය ඇතුලත විශේෂ සහය සේවා රැසක් ක්‍රියාත්මක කරන බව පසුගියදා නිවේදනය කළේය. අන්තර්ජාලය ඔස්සේ පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී Daraz Group ප්‍රධාන විධායක නිලධාරී Bjarke Mikkelsen මහතා විසින් Daraz සමග ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ලබමින් එක්ව සිටින අලෙවිකරුවන්ගේ අඛණ්ඩ වර්ධනය හා සමගාමීව අදාල කලාපයේ ආර්ථික සංවර්ධනය සිදුවන ආකාරය පැහැදිළි කළේය.

    Mikkelsen මහතා අදහස් දක්වමින් “විකුණුම්කරුවන් Daraz අපගේ හදවත යැයි කිව්වොත් වඩා නිවැරදියි. 2021 වසරේ අපගේ ප්‍රධාන ඉලක්කය පහසු හා කඩිනම් sign up ක්‍රියාවලියක් ඇති කිරීම, ඉක්මනින් විකුණුම් ආරම්භ කිරීම සහ අන්තර්ජාලයේ ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාවර මට්ටමක් දක්වා ගොඩනැංවීමයි. 2021 වසරේදී අප සමග එක්ව සිටින විකුණුම්කරුවන් මූලික මට්ටමේ සිට වෘත්තිමය සාර්ථක අලෙවිකරුවන්ගේ මට්ටමට රැගෙන එන පොරොන්දුව Seller Promises 2021 වැඩපිළිවෙලයි.” යැයි පැවසීය.

    Daraz ප්‍රධාන විධායක නිලධාරියා විසින් නිකුත් කළ නිවේදනයේ ඇතුලත් මූලික කරුණු අතර

    1. පහසු හා කඩිනම් signing up ක්‍රියාවලියක් සමග නව අලෙවිකරුවන්ට පැය 24ක් ඇතුලත තම විකුණුම් ඇරඹීමේ හැකියාව

     

    1. විකුණුම්කරුවන් වෙනුවෙන් පෙර පැවැති දින 14 ගෙවීම් ක්‍රමවේදය දින 7 දක්වා අඩු කිරීම

     

    1. කාර්යාලීය වේලාවන් තුලදී live chat පහසුකම හරහා විකුණුම්කරුවන් විසින් යොමුකරන ගැටළු සඳහා තත්පර 30 ක කාලයක් ඇතුලතදී පිළිතුරු ලබාදීමේ කඩිනම් සේවාව ඇරඹීම

     

    1. අපේක්ෂිත විකුණුම් ඉලක්ක සපුරාගත නොහැකි විකුණුම්කරුවන් පිළිබඳ විශේෂ අවධානය යොමුකොට ඔවුන්ගේ ව්‍යාපාරික ගැටළු විසඳාගැනීමට විශේෂ සහය සේවා ලබාදීම

     

    1. claim පහසුකම අවශ්‍ය විටෙකදී පෙරටත් වඩා පහසු හා කඩිනම් සේවාවක් ලබාදීම

    විශේෂයෙන් කැපී පෙනෙයි.

    මෙම ක්‍රියාවලීන් හා අඛණ්ඩ ආයෝජන කටයුතු සමග ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය ඉහළ නංවා ගනිමින්, විකුණුම්කරුවන්ගේ ප්‍රමාණයද දෙගුණ කරගනිමින් ඔවුන් හරහා ඩොලර් 1000 කට අධික මාසික ආදායමක් මේ වසර අවසානයට පෙර ළඟාකරගැනීමට Daraz අපේක්ෂා කරයි.

    COVID සමග සාමාන්‍ය විකුණුම් ක්‍රියාවලිය ඩිජිටල්කරණයකට ලක්ව විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ ඇති වූ නව පිබිදීමත් සමග සෑම මාසයකදීම Daraz සමග සිය දහස් ගණනින් ව්‍යවසායකයන් එක්වෙමින් සිටියි. කෙසේ වුවද මේ කලාපය තුල අන්තර්ජාලගත අලෙවිකරණ වෙළෙඳපොළ ප්‍රතිශතය තවමත් පහළ මට්ටමක පවතින බවත් දකුණු ආසියානු කලාපය ඉදිරියේදී සීඝ්‍රයෙන් දියුණු මට්ටමකට පැමිණීමට නියමිත බවත් Daraz සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී Bjarke Mikkelsen මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රය හා එක්ව සිටින අපි සියළුදෙනා මේ ගත කරන්නේ ඉතාමත් තීරණාත්මක කාල සීමාවක්. COVID සමග ඇති වූ ආර්ථික තත්ත්වය වටහාගනිමින් ක්‍රියා කළ අපට 2021 වසර විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ ස්වර්ණමය වසර බවට පත්කරගන්නට පුළුවන්. ඒ වෙනුවෙන්, අප පිළිබඳ විශ්වාසයෙන් රැඳී සිටින අපගේ හදවත බඳු වටිනා විකුණුම්කරුවන් ශක්තිමත් කරන්නට අපගේ උපරිම දායකත්වය ලබාදෙනවා.” යැයි පැවසීය.

    Daraz ශ්‍රී ලංකා වෙනුවෙන් අදහස් දැක්වූ එහි කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා “Daraz ශක්තිමත් කරමින් අප සමග රැඳී සිටින කොටස්කරුවන් හා විකුණුම්කරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් අපි විශේෂ අවධානයක් සැමවිටම යොමුකරනවා. ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරලීම, ඔවුන්ගේ ගැටළු සඳහා පිළියම් ලබාදීම හරහා ඔවුන් මෙන්ම Daraz ජාලයත් ශක්තිමත් වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයටත්, අප කලාපය තුල සමස්ථ විද්යුත් වාණිජ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙනුත් මේවනවිටත් විශාල දායකත්වයක් සපයන්නට Daraz අපට හැකිව තිබෙන අතර 2021 වසර වෙනුවෙන් අප ක්‍රියාත්මක කරනු ලබන Seller Promises 2021 වැඩපිළිවෙල සමග Daraz කණ්ඩායමටත් අප හා එක්ව සිටින විකුණුම්කරුවන්ටත් අපේ රටේ විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයටත් ප්‍රතිලාභ රැසක් හිමිවෙනවා.” යැයි පැවසීය.

    Daraz’ සතුව ඇති අති නවීන තාක්ෂණය, භාණ්ඩ බෙදාහැරීමේ විධිමත් ක්‍රමවේදය හා ව්‍යවසායකයන් වෙත ලබාදෙන ව්‍යවසායක යටිතල පහසුකම් සියල්ල සමග “Seller Promises 2021” සාර්ථකව ඉටුකරගනිමින් විකුණුම්කරුවන්ටත් ශ්‍රී ලාංකීය ආර්ථිකයටත් දැවැන්ත සවියක් වන්නට Daraz කැපව සිටියි. Daraz මව් සමාගමේ නිර්මාතෘ ජැක් මා පවසන පරිදි Daraz හි අරමුණ වන්නේ විද්‍යුත් වාණිජ ක්‍රමවේදය තුළ විකුණුම්කරුවන්ට හිතෛෂී සේවා සංස්කෘතියක් ගොඩනැංවීමයි. Daraz සමග එක්ව සිටින විකුණුම්කරුවන් විකුණුම් සඳහා සවිබලගැන්වීමත් ඉහළ ගුණාත්මක පාරිභෝගික සේවාවක් සඳහා සවිබලගැන්වීමත් යන ඉලක්ක සපුරාගැනීමෙහිලා Daraz වෙහෙසෙන්නේ කලාපයේ විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිකරලීමේ බලාපොරොත්තුව පෙරදැරිකොටගෙනය.