April, 29, 2026
Yazu at the Beach ගාල්ලේ Radisson Blu Resort හිදී පසුගිය (24) දා නිල වශයෙන් විවෘත කරන ලදී. Yazu සන්නාමය ඉන්දියාවෙන් බැහැරව ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ පළමු අවස්ථාව වන මෙය ඉන්දියාවේ සුප්‍රකට Pan-Asian සත්කාරක සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාව ලෙසද සඳහන් කළ හැකිය. සංචාරක සහ සුඛෝපභෝගී ජීවන රටා මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල නගරය හිමි කරගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබුණු මෙම සුවිශේෂී අවස්ථාව ශ්‍රී ලංකාවට මෙන්ම Yazu Hospitality සමාගමට ද ඉතා වැදගත් අවස්ථාවකි.
ඉහළ තත්ත්වයේ Pan-Asian හා සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබා දෙන ස්ථානයක් ලෙස කීර්තියක් අත්කරගෙන ඇති Yazu ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ඉතා සැලසුම් සහගත තීරණයක් ලෙස ද පෙන්වා දිය හැකිය. ගාල්ල වෙරළ තීරයේ ඇති සුන්දරත්වය, ඓතිහාසික වටිනාකම සහ සුඛෝපභෝගී සංචාරක කර්මාන්තයේ වර්ධනය නිසා Yazu සඳහා කදිම ස්ථානය වන්නේ ගාල්ල වෙරළ තීරයයි.
යුරෝපීය නගර නිර්මාණ ශිල්පය සහ දකුණු ආසියානු ගෘහ නිර්මාණ සම්ප්‍රදායන්ගේ අපූර්ව එකතුවක් වන ගාල්ල පැරණි නගරය සහ ගාලු කොටුව, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. වෙරළ තීරය, උරුමය සහ වරාය ආශ්‍රිත ආකර්ෂණය නිසා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ද ගාල්ල සහ දකුණු වෙරළ තීරය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස හඳුන්වයි. මෙම සුවිශේෂී ලක්ෂණ නිසා ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් ප්‍රසිද්ධ වීමට උත්සාහ කරන ආගන්තුක සත්කාරක සන්නාමයන්ට ගාල්ල ඉතා වටිනා ස්ථානයකි.ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ ගාල්ලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
Yazu Hospitality හි සමාරම්භය පිළිබඳව අදහස් දැක්වූ එහි ප්‍රධාන විධායක නිලධාරී රන්බීර් සිං නාග්පාල් මහතා “ඉන්දියාවෙන් පිටතට ප්‍රථම වරට Yazu සන්නාමය රැගෙන යාම අප ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. ජාත්‍යන්තරය වෙත අපගේ පළමු ගමන වෙනුවෙන් අපගේ අනන්‍යතාව හා විශිෂ්ටත්වය විදහා දැක්වීය හැකි ඇති ස්ථානයක් අවශ්‍ය වුණ අතර ගාල්ල නගරය ඊට වඩාත් ගැලපෙන ස්ථානය බවට පත් වුණා. එය ලෝකයේ පිළිගත්, සංස්කෘතික වශයෙන් පොහොසත් මෙන්ම කලාපයේ ඉහළ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස පිළිගන්නවා. මෙය හුදෙක් අපගේ ශාඛාවක් නොව උසස් ආගන්තුක සත්කාරය සහ අත්දැකීම් අගය කරන වෙළෙඳපොළක Yazu සන්නාමය ස්ථාපිත කිරීමක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙන් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Sino Lanka Holdings පුද්ගලික සමාගමේ සභාපති බොබ් කුණ්ඩන්මාල් මහතා සඳහන් කර සිටියේ “ගාල්ල දැන් ශ්‍රී ලංකාවේ සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයක් වී තිබෙනවා. එම නිසා ජාත්‍යන්තර ප්‍රමිතියේ සන්නාමයන් හඳුන්වා දීමට මෙය හොඳම කාලයයි. ‘Yazu’ අවන්හල Radisson Blu වෙත එක් කිරීමෙන් සංචාරකයන්ට අලුත් අත්දැකීමක් ලබා දීමටත්, ගාල්ලේ දියුණුවට දායක වීමටත් අපට හැකි වනවා.” යනුවෙනි.
Yazu Hospitality පුද්. සමාගමේ සහකරු අතුල් චොප්රා මහතා මෙම අත්දැකීම සම්බන්ධයෙන් මෙසේ සඳහන් කරන ලදී. “ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සංචාරක සේවාවන් කෙරෙහි ඇති විශ්වාසය මේ වන විට වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන් ගාල්ල ප්‍රදේශයේ ඇති සුවිශේෂී බව නිසා අපි Yazu සන්නාමය හඳුන්වා දීමට තීරණය කළා. හුදෙක් අවන්හලක් විවෘත කිරීමක් ලෙස නොව, පරිපූර්ණ ජාත්‍යන්තර අත්දැකීමක් සහිත සන්නාමයක් ලෙස ගාල්ලට ගෙන ඒමට මේ තුලින් අපට අවශ්‍ය වුණා.”
ඉතා ආකර්ෂණී ඉදිකිරීම් හා සංචාරක අනන්‍යතාව සහිත ගාල්ල නගරය ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංචාරක කලාපයකි. අවන්හලකට එහා ගිය ජීවන රටාව හා බැඳුණු භෝජන අත්දැකීමක් වන Yazu ගාල්ල නගරයට හඳුන්වා දීම තුලින් එහි සංචාරක ආකර්ෂණය තව දුරටත් ඉහළ යනු නිසැකය.
Yazu හි ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට හෝ වැඩිදුර තොරතුරු සඳහා 070 748 6486 අමතන්න. නැත්නම් https://www.instagram.com/yazugalle/ඉන්ස්ටග්‍රෑම් හි Yazu at the Beach වෙත පිවිසෙන්න.


Video Story