April, 27, 2021
නව දේශීය සායම් ක්‍රමය පරිසරයට වඩාත් හිතකර සහ ඉහළ මෙහෙයුම් ක්‍රියාකාරීත්වයකින් යුක්තයි.
ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා විසින් ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ පරිසර හිතකාමී බවකින් යුත් දේශීය සායම් පද්ධතියක් (Dyeing System) ‘Ocean Aqua+ ලෙස හඳුන්වා දී ඇත. මෙම නවතම සායම් ක්‍රමවේදය නිසැකයෙන්ම ඇගලුම් කර්මාන්තයේ වෙනසක් ඇති කිරීමට සමත් වනුයේ, එය අවම සම්පත් පරිභෝජනයක් තුළින් පරිසරය ආරක්ෂා කිරීමට ලබා දෙන ඉහළ දායකත්වය හේතුවෙන්ය.
ඕෂන් ලංකා සමාගමේ සායම් හා වර්ණ විද්‍යාගාර කණ්ඩායම්වල සංකල්පයක් වන මෙම නවෝත්පාදනය හරහා සමාගමේ සියලුම මෙහෙයුම් තුළ ඉහළ කාර්යසාධනයක් ඇති කරයි.
මෙම සුවිශේෂී තාක්ෂණය පිළිබඳ අදහස් දක්වමින්, ඕෂන් ලංකා හි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙලෙස පවසා සිටියි. "වියළි කාලවලදී අපගේ සායම් හා සම්බන්ධ සියලුම නිෂ්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා ජල බවුසර් යොදා ගනිමින් ජලය සපයා ගැනීමට සිදුවනවා. අපගේ සම්පුර්ණ ජල පරිභෝජනය මිනුම් කිරීමෙන් පසු දැකගත හැකි වූයේ, බහු ස්ථර සේදීමේ මෙහෙයුම් (multistage washing operations) වල සැබෑ ක්‍රියාකාරිත්වය, රසායනික පද්ධති මත රඳා පවතින බවයි. මේ හේතුවෙන් සේදීම් ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීම මඟින් සැලකිය යුතු ජල ප්‍රමාණයක් හා ශක්තියක් ඉතිරි කර ගත හැකි බවත් අපට අවධාරණය වුණා. මෙම ප්‍රතිඵල 2019 වර්ෂයේ දී Ocean Aqua+ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුල පිරුණු අතර, අපගේ සේවක කණ්ඩායම් ඉතා කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව මෙහි සාර්ථකත්වය උදෙසා ක්‍රියා කලා."
‘Ocean Aqua+’ සායම් ක්‍රමය, රෙදි සායම් කිරීමේ කාර්යය කාර්යක්ෂම කරන අතරම, එම ක්‍රියාවලිය නිම කිරීමේ කාලය සියයට 30 කට වඩා වේගවත් කරයි. ඒ සමඟම, මෙම නවතම ක්‍රමවේදය බලශක්ති පරිභෝජනය සියයට 20 කින් ද ජල අවශ්‍යතාව සියයට 50 - 60 දක්වා ද අවම කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඕෂන් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවකු වන සඳුන් නාලක මහතා පවසා සිටියේ වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස, ඕෂන් ලංකා රෙදිපිළි නිෂ්පාදනයේදී ජල පරිභෝජනය අවම කරමින්, ජල දූෂණය වැළැක්වීමේ ප්‍රයත්නයන් තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා වූ සමාජ වගකීම ඉටු කිරීම කෙරෙහි කැපවී ක්‍රියා කරන බවයි.
ඡායාරූප විස්තරය - ‘Ocean Aqua+’ Dyeing System ව්‍යාපෘති කණ්ඩායම
Video Story