නවලෝක රෝහල් සමූහය පසු කොවිඩ් සත්කාර මධ්‍යස්ථානයක් හඳුන්වා දෙමින් සුවපත් වීම අතරතුර ඇති විය සංකූලතා අවම කර ගැනීමට සහාය වේ

    September, 15, 2021

    පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහයව ශ්‍රී ලංකාවෙන් COVID -19  තුරන් කිරීම සඳහා ගත් සාමූහික උත්සාහයක් වශයෙන්, මෑතකදී පසු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හඳුන්වා දෙන ලදි. විශේෂයෙන්ම කොවිඩ් වැලඳී සුවය ලබන රෝගීන් සඳහා පුළුල් බහුවිද සත්කාර සහ සමාජගත වීමේදී ඇති විය හැකි මානසික ආතතීන් ^ Psychosocial& පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර මෙම ඒකකය තුළින් සිදු කෙරේ. නවලෝක විශේෂත්ව රෝහල් සේවා මධ්‍යස්ථානයෙහි පිහිටි ^Nawaloka specialty center& පරිශ්‍රයේ පිහිටි ළය සහ නින්ද ^ Nawaloka chest and sleep& සම්බන්ධ ඒකකයේ වෙන්වූ අංශයක් ලෙස හදුන්වාදුන් මෙම මධ්‍යස්ථානය මගින්  COVID -19 වැළඳී නිරෝධායන කාලසීමාව අවසන්වූ පසුවද අවදානමට ලක්ව ඇති රෝගීන් නිරීක්ෂණය කිරීම, සහාය වීම සහ ප්‍රතිකාර ලබා දීමෙන් පසු බරපතල සංකූලතා වලට ගොදුරු වීම වැළැක්වීම සිදුකරනු ලබයි.

    COVID -19 වෛරසය රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ බොහෝ දෙනෙකු ඊට ගොදුරු වෙමින් සිටී. නමුත් මේ වන විට පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සුවය ලබමින්ද ඇත. සති කිහිපයකින් බොහෝ දෙනෙක් රෝගයෙන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වන නමුත් එහි බලපෑම දීර්ඝ කාලීනව අත්විදීමට සිදුවේ. COVID -19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ බවට පරීක්ෂණ මගින් තහවුරු වුවද බොහෝ කලකට පසුව හෝ හුස්ම ගැනීමේ අපහසුව, අධික ලෙස දහඩිය දැමීම, අධික බර අඩු වීම, වෙහෙසට පත්වීම සහ මානසික අවපීඩනය සහ නොනවතින කැස්ස වැනි තත්වයන් සමඟ පොරබැදීමට සිදුවනු ඇත.

    තවද, මතු වෙමින් පවතින පරීක්ෂණ ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ සමහර රෝගීන්ට Thromboembolic රෝගය, සමස්ත පද්ධතියටම බලපාන Systemic Inflammatory Response Syndrome"හෘද වාහිනී සංකූලතා සහ අක්මාවේ හා වකුගඩු වල දුර්වලතා ඇතුළු පද්ධතිමය සංකූලතා කිහිපයක් ඇති වීමේ අවදානමක් ඇති බවයි. වයස්ගත වීම, නිදන්ගත රෝගාබාධ තිබීම සහ තරබාරුව බව ආදී විවිධ රෝගී කණ්ඩායම් වල ප්‍රතිඵල වල හඳුනාගත් විෂමතා ද ඇත.

    “නවලෝක රෝහල් සෑම විටම ශ්‍රී ලාංකිකයින්ගේ කඩිනම් සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වූ මෙහෙවරක යෙදී සිටින අතර, කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වීමත් සමඟ පසු කොවිඩ් සත්කාර වල අවශ්‍යතාව ද ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී. මේ වන විටත් රෝගය පවතින මෙන්ම රෝගය උත්සන්න වන රෝගී  කණ්ඩායම්ද සිටිනවා. එබැවින් උග්‍ර පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝම් අවදානමට ලක්ව සිටින සියලුම COVID -19  රෝගීන්ට මෙම ප්‍රතිකාර ඒකකය මගින් පූර්ණ සුවය ලබා ගැනීමට අවශ්‍ය පුළුල් හා ප්‍රවීණ සත්කාර අප විසින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම සත්කාර සේවය කාලෝචිත හා දැරිය හැකි මිලකට ලබාගත හැකි වීමද විශේෂත්වයක්. අපගේ ඉලක්කය වන්නේ දිනෙන් දින සංකීර්ණ වන රෝග, නිවැරදිව හදුනාගෙන රෝගීන් කෙරෙහි පුළුල් අවදානයක් යොමු කරමින් රෝගීන් සදහා වඩාත් හිතකාමී පරිසරයකදී ඔවුන්ගේ අවශ්‍යතා සාර්ථකව සපුරාලීමයි.” යනුවෙන් නවලෝක රෝහල් , පශ්චාත් COVID සත්කාරක මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රියාස් මවුජූඩ් මහතා පැවසුවේය.

    නවලෝක පශ්චාත් කොවිඩ් සත්කාරක මධ්‍යස්ථානය මඟින් ශ්වසන සහ ළය රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අවධානය සහ සහයෝගය සහිතව, විද්‍යාගාර පරීක්ෂණ, පෙනහළු ක්‍රියාකාරී පරීක්ෂණ, CT ස්කෑන්, X-ray සහ Treadmill පරීක්ෂණ ඇතුළත් පරිපූර්ණ පරීක්ෂණ පැකේජයක් පිරිනැමේ. තවද, සෑම රෝගියෙකුටම ඔවුන්ගේ සුව වීම වේගවත් කිරීම සහ යහපත් සෞඛ්‍යක් පවත්වා ගැනීම සඳහා පෝෂණ උපදේශනය, වෛද්‍ය උපදෙස්, භෞතික චිකිත්සාව සහ මානසික උපදේශනය ලබා දෙනු ඇත.

    2021 ජනවාරි මාසයේ සිට නවලෝක රෝහල් විසින් COVID -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඇඳන් 900 ක ධාරිතාවයක් ලබා දීමට තරු පන්තියේ හෝටල් කිහිපයක් සමඟ හවුල් වී කෝවිඩ් දැඩි සත්කාර ^ICU) පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ, අංගසම්පූර්ණ අතරමැදි සත්කාර මධ්‍යස්ථාන හතරක් ද පිහිටුවන ලදී. COVID -19 රෝගීන් 10,000 ට වැඩි පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. තවද, COVID -19  රෝග විනිශ්චය සඳහා ඇති ප්‍රවේශයන් සහ පහසුකම් ඉහළ නැංවීම සදහා නවලෝක රෝහල් දාමය පුළුල් කරමින් කොළඹ, මීගමුව, ගාල්ල/කරාපිටිය, වෙන්නප්පුව, වැලිගම, ගම්පහ සහ සීදුව ආදී ලෙස දීප ව්‍යාප්තව සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා සිය පරීක්ෂණ පහසුකම් පුළුල් කර තිබේ.