නවලෝක රෝහල් සමූහය වර්ණවත් කැරොල් ගී සැඳෑවකින් වසරක අවසානය සනිටුහන් කරයි

    January, 4, 2022

    පුරෝගාමී පුද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවනු ලබන සෞඛ්‍ය නියාමනයන්ට අනුකූලව 2021 දෙසැම්බර් 17 වන දින කැරොල් ගී නිම්නාද වන වර්ණවත් සන්ධ්‍යාවකින් වසරක අවසානය සනිටුහන් කරන ලදි”

    මෙම සුන්දර සන්ධ්‍යාවේ රෝහල් ශ‍්‍රවණාගාරය රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් විසින් ගායනා කරන ලද සම්භාව්‍ය කැරොල් සංගීතයේ නාද මධුරතාව නාද සහ ප‍්‍රීති ඝෝෂාවෙන් අනුනාද විය. පෙර නොවූ විරූ තරම් පීඩාකාරී ගෝලීය වසංගතයක් සහිත වසරක් තුළ සෞඛ්‍ය සේවාව සඳහා වූ කැපී පෙනෙන කැපවීම සහ පරාර්ථකාමී ප‍්‍රයත්නය තුළින් ජීවිත ගණනාවක් බේරා ගැනීමට කටයුතු කළ රෝහල් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මෙම අවස්ථාවට එක් විය.