නවලෝක රෝහල් සමූහය CA Sri Lanka’s Annual Report 2021 සම්මාන උළෙලේදි අඛණ්ඩව 6 වැනි වරටත් සුවසේවා ක්ෂේත්‍රයේ රන් සම්මානය දිනයි

    December, 28, 2021

    මෙරට පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමුහය පසුගියදා පැවති 56 වැනි CA Sri Lanka's Annual Report 2021 සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වැනි වරටත් සුවසේවා ක්ෂේත්‍රයේ යේ රන් සම්මානය දිනා ගැනිමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී සුවසේවා ක්ෂේත්‍රය වෙනුවෙන් නොකඩවා රන් ඇගයුම හිමිකර ගැනීමට නවලෝක රෝහල් සමූහයට හැකිවීම තුළඅභියෝගාත්මක කාලපරිච්ඡේදයක මෙම ක්ෂේත්‍රයේ  නවලෝක රෝහල් සමුහය අත්පත් කර වෙළෙඳපොළ නායකත්වය, විනිවිද බව, වගවීම, යහපත් ආයතනික පාලනය, සහ ආයතනික සමාජ වගකීම් ඉටුකිරීම යන නිර්ණායකයන් අතර අනෙකුත් තරගකරුවන් අභිබවා කටයුතු කිරීමට හැකි ව තිබේ.

    මෙම විශිෂ්ට ජයග්‍රහනය පිළිබඳව අදහස් දක්වන නවලෝක රෝහල් සමූහයේ සභාපති දේශමාන්‍ය ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා “ ජාත්‍යන්තර තත්වයේ රෝහල් සේවාවක් සඳහා කැපවෙමින් වඩාත් වඩාත් විනිවිද පෙනෙන පාලනයක් ඇති කිරීම, ඇතුළුව ගණකාධිකරණයේ මූලධර්මයන් මුළුමනින්ම පිලිපැදීම මෙම ජයග්‍රහනය සඳහා ප්‍රබල සාධකයක් වුණා. එමෙන්ම මෙම තත්වය අඛණ්ඩව වසර 5ක් එකලෙස පවත්වා ගැනීම දැඩි අභියෝගයක් වූ නමුදු එම අභියෝගය සාර්ථකව ජය ගෙන ඇති බව මෙම ජයග්‍රහනය මගින් හොඳින් පිළිබිමු වන බව මගේ අදහසයි.  එමෙන්ම මෙම ජයග්‍රහනය වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කළ අපගේ සේවක මඩුල්ලට මාගේ ප්‍රණාමය පුද කරනවා” යනුවෙන් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පැවසීය.

    නවලෝක රෝහල් සමූහයේ සියලු තොරතුරු එක්ව නිකුත් කළ සංගෘහිත වාර්ෂික වාර්තාව ජාත්‍යන්තර ගණකාධිකරණ මිණුම් දඬු සඳහා ස්වෙච්ඡාවෙන් අනුගත වෙමින් (International < IIRC > Framework’   ) සහ ගෝලීය වාර්තාරණ ප්‍රවේශයන් හි ප්‍රමිතීන්ට අනුකූලව ඉදිරිපත් කිරීමට සමත් විය. සියලු පාර්ෂවයන් වෙත සිය සේවාවන්ගේ වටිනාකම වර්ධනය කිරීමේ සමාගමේ දර්ශනයට අනුව යමින් සිය සංගෘහිත වාර්ෂික වාර්තාව Six Capital Reporting Framework ක්‍රමවේදයන්ට අනුව ඉදිරිපත් කිරීමට සමත් විය.

    ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම කීර්තිමත් සම්මාන උළෙල තුළින් ආයතනයන් හි මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු සියලු පාර්ෂවයන් වෙත වඩාත් විශ්වසනීය ලෙසත් නෛතික තත්වයන්ට අනුකූල ලෙසත් ඉදිරිපත් කිරීම සඳහා දිරි ගැන්වීමක් ලබා දෙන අතර සම්මාන සඳහා සමාගම් තෝරා ගැනීමේදී ආයතනයන් හි අරමුණු, මූල්‍ය කාර්යසාධනය, විශේෂ සඳහන් කිරීම්, පෞද්ගලිකවත්, පොදුවේ කළමනාකාරීත්වය ලෙසත් සිදු කළ ආකාරය මෙහිදී ඇගයීමට ලක් කෙරේ.