නවලෝක රෝහල් සමූහය, ICBT කැම්පස් සමඟ අත්වැල් බැඳගනිමින් ශ‍්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනය නංවාලීමට පෙරමුණ ගනියි

    June, 21, 2023

    ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික සුව සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල් සමූහය, ICBT කැම්පස් සමඟ අත්වැල් බැඳගනිමින් වැඩි දියුණු කළ අධ්‍යාපන අවස්ථා සමඟින් හෙද වෘත්තිකයන් සවිබල ගන්වනු ලබයි. මෙම හවුල්කාර ආයතන දෙක 2023 මැයි 11 වන දින ICBT පරිශ‍්‍රයේදී සභාපතිවරයා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ සහභාගීත්වයෙන් අවබෝධතා ගිවිසුමක් ^MoU& අත්සන් කරන ලදී.

    මෙම හවුල්කාරිත්වය හරහා නවලෝක රෝහලේ හෙද හෙදියන්ට දැන් එක්සත් රාජධානියේ කීර්තිමත් සන්ඩර්ලන්ඞ් විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන B'Sc (ගෞරව)  උපාධියක් හැදෑරීමට පැහැදිලි මාවතක් විවෘත කරනු ඇත. නවලෝක රෝහල් හෙද පාසලේ තෙවසරක සාමාන්‍ය හෙද ඩිප්ලෝමාව සාර්ථකව නිම කළ හෙද හෙදියන්ට පමණක් මෙම අවස්ථාව හිමිවන අතර, ඔවුන්ට පාඨමාලා ගාස්තු සඳහා විශේෂ වට්ටමක් ද හිමිවේ.

    මීට අමතරව, නවලෝක රෝහල් සහ ICBT කැම්පස් අතර සහයෝගීතාවයට ජෛව වෛද්‍ය ඉංජිනේරු උසස් ඩිප්ලෝමා වැඩසටහනක් ද ඇතුළත් වේ. ICBT කැම්පස් හි මෙම වැඩසටහන අවසන් වූ පසු, සිසුන්ට කොළඹ නවලෝක රෝහලේදී මාස තුනක ජෛව වෛද්‍ය කාර්මික පුහුණුවක් ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් හිමිවෙයි. මෙම ප‍්‍රායෝගික පුහුණුව මඟින් සිසුන්ට ජෛව වෛද්‍ය උපකරණ ස්ථාපනය කිරීම සහ සේවා කිරීම සහ ක‍්‍රමාංකනය කිරීම පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් ලබාදෙන අතර ඔවුන්ගේ කුසලතා තවදුරටත් වැඩිදියුණු කිරීම සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ සාර්ථක වෘත්තීන් සමඟ ඔවුන්ව සම්බන්ධ කරනු ඇත.

    මෙම නව සහයෝගීතාවය පිළිබඳව ප‍්‍රකාශ කරමින් නවලෝක රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ, ”අපගේ හෙදියන් අපගේ සෞඛ්‍ය සේවා පද්ධතියේ කොඳු නාරටිය වන බැවින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා. එහි එක් පියවරක් ලෙස ICBT ඔ කැම්පස් සහ සන්ඩර්ලන්ඞ් විශ්ව විද්‍යාලය සමඟ මෙම හවුල්කාරිත්වය ඇති කරගැනීමට ලැබීම ගැන මම ඇත්තෙන්ම සතුටු වෙනවා. අපගේ හෙදියන් සඳහා නව අධ්‍යාපනික අවස්ථා උදාකර දෙමින් සුවිශේෂී රෝගී සත්කාර අත්දැකීමක් සියළුම රෝගීන්ට පිරිනැමීම අපගේ අභිප‍්‍රායයි.” යනුවෙනි.

    ඒ හා සමානව, ICBT කැම්පස් හි ප‍්‍රකාශකයෙක් ඔවුන්ගේ අදහස් මෙසේ බෙදාහදා ගත්තේය. ”මෙම ප‍්‍රයත්නයේදී නවලෝක රෝහල් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි ඉමහත් ආඩම්බර වෙනවා. අධ්‍යාපනය පිළිබඳ අපගේ ප‍්‍රවීණත්වය සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වය සඳහා වන ඔවුන්ගේ කැපවීම සමඟ ඒකාබද්ධ කිරීමෙන් නිපුණතා සපිරි හෙද සේවයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් අපි හැකි උපරිමයෙන් කැපවෙනවා.”

    නවලෝක රෝහල් විසින් 1986 දී ආරම්භ කරන ලද හෙද පාසල ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ හෙද අධ්‍යාපනයේ පුරෝගාමියා වී ඇත. වසර ගණනාවක් පුරා, සිසුන් 3000 කට වැඩි පිරිසක් මෙම හෙද පාසලෙන් අධ්‍යාපනය ලබා, සුදුසුකම් ලත් හෙදියන් බවට පත් වී ඇති අතර ඔවුන් දැන් දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් සේවය කරයි. අද වන විට නවලෝක හෙද පාසල දිවයිනේ ඉහළම ශ්‍රේණිගත ආයතනය වීමේ ගෞරවය ද හිමිකර ගනී.

    නවලෝක හෙද පාසලේ විෂය පථය තුළින් වෛද්‍ය විද්‍යාව, හෙද විද්‍යාව, භෞතික හා ජීව විද්‍යාව, සමාජ විද්‍යාව සහ සාමාන්‍ය දැනුම ඇතුළු විෂයයන් රාශියක් ආවරණය කරයි. සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයනයන්ට අමතරව මෙහිදී ඇඳ අසලදී රෝගියාට සේවා සැපයීම පිළිබඳ විශේෂ පුහුණුවක් ද ලැබේ.

    වසර තුනක හෙද පාඨමාලාව සාර්ථකව අවසන කල සිසුන්ට ශ‍්‍රී ලංකාවෙන් හෙද සහතිකයක් සහ උපාධියක් ද පිරිනැමෙයි. ඔවුන් හෙද කවුන්සිලයේ ලියාපදිංචි වීමටත් ලියාපදිංචි හෙදියක් ලෙස පුහුණුවීමටත් බලපත‍්‍රයක් ලබා ගැනීමටත් සුදුසුකම් ලබයි. එය ඩිප්ලෝමාධාරීන්ට පමණක් සීමා වූ වරප‍්‍රසාදයකි. තවද, ඩිප්ලෝමාධාරීන්ට රාජ්‍ය සෞඛ්‍ය සේවා ආයතනවල සේවය කිරීමට අවස්ථාව ඇති අතර ඔවුන්ට අමතර වෘත්තීය බලාපොරොත්තු ලබා දේ.

    නවලෝක හෙද පාසල නවීනතම පන්තිකාමර පහසුකම් සපයන අතර බහුමාධ්‍ය ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර සහිත උසස් පෙළ පන්ති කාමරවලින් සමන්විතය. පාසල පුස්තකාල පහසුකම් සහ සතියකට දින පහක අධ්‍යයන (සතියේ දිනවල) පහසුකම් ද සපයයි. සිසුන් ඇතුළත් වූ පසු වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා ගන්නා අතර අධ්‍යයන වැඩසටහන අතරතුර ආපනශාලා සහ විනෝදාස්වාද පහසුකම් ඇත. අධ්‍යයන හා පරිපාලන නිපුණතා සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු සිසුන්ට ප‍්‍රතිඵල ලේඛන සහ ඩිප්ලෝමා සහතික ද පිරිනමයි