නවලෝක රෝහල් සමූහය LMD හි සෞඛ්‍ය අංශයේ වඩාත් ගෞරවනීය ආයතන අතර ඉහළින්ම ශ්‍රේණිගත වෙයි

    September, 9, 2021

    පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නායම වන නවලෝක රෝහල් සමූහය LMD  සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන වඩාත් ගෞරවනීය ආයතන අතර ශ්‍රේණිගතකරණය වීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ව්‍යවසායකයින් අතරට ඇතුලත් වූ නවලෝක රෝහල් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, එතුමාගේ ස්ථාවර නායකත්වය, චිචක්ෂණශීලී ඉදිරි දැක්ම සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ සීමා මායිම් පුළුල් කිරීම සඳහා දැක්වූ අතිමහත් දායකත්වය හේතුවෙන් LMD  සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන වඩාත් ගෞරවනීය ආයතන අතර රෝහල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට නවලෝක රෝහල් සමූහයට හැකියාව ලැබී ඇත.

    නවලෝක රෝහල් සමූහය එහි ආයතනික සංස්කෘතිය, ආයතනික සමාජ වගකීම් සහ තිරසාරභාවය, අර්බුද කළමනාකරණය, අවංකභාවය, අවස්ථානුකූලව වෙනස් වීමට ඇති හැකියාව අනුව සෞඛ්‍ය සේවා අංශයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත් වූ අතර Hall of Fame හි හොඳම සමාගම් 20 අතරට ද ඇතුළත් විය. මීට අමතරව, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන් සඳහා LMD හි කීර්තිමත් Hall of Fame ශ්‍රේණිගතකරණයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සහ උප සභාපති හර්ෂිත් ධර්මදාස ඉහළ ඇගයීමකට ලක් වූහ.

    ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය මෑතකදී ආයෝඡන ශ්‍රේණිගතකරණයට අයත් සමූහයේ ණය ශ්‍රේණිය [SL] BBB ස්ථාවර තත්වයක ඇති බව ICRA Lanka Limited විසින් නව දැක්මකින් යුතුව නැවතත් තහවුරු කරන ලදි. ICRA ශ්‍රේණිගත කිරීම මගින් යළි තහවුරු කරන ලද මූල්‍ය ස්ථාවරත්වයකින් යුතු නවලෝක රෝහල් සමූහය පසුගිය කාලය තුළ දී ශක්තිමත්, තිරසාර ව්‍යාපාරික ආකෘතියක් ක්‍රියාත්මක කිරීමෙන් ලබා ගත් කැපී පෙනෙන ප්‍රගතිය ඇගයීම සඳහා මෙන්ම උසස්, වටිනාකම් එකතු කළ වෛද්‍ය සේවාවන් තුළින් විවිධාකාර මෙහෙයුම් විශේෂතා ලබා දීම වෙනුවෙන් ලද ඇගයීමක් ලෙසත් මෙය හදුන්වාදිය හැකිය.

    “ශ්‍රී ලංකාවට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වන මෙම කාල සීමාව තුළ අපගේ ක්ෂේත්‍රයේ සෙසු තරගකාරී ආයතන අතර එවැනි ගෞරවයක් ලැබීම ගැන අපි ඉතාමත් නිහතමානීව සතුටු වෙනවා. නවලෝක රෝහල් සමූහය සෑම විටම ජනතාවට ගුණාත්මක, දයානුකම්පිත සත්කාර ලබා දීමට, සෞඛ්‍ය සේවා ප්‍රවේශය පුළුල් කිරීමට, සෞඛ්‍ය සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමට දැඩි වෙහෙසක් දරනවා. අපගේ අභිලාශය වන්නේ අපගේ සේවය ලබා ගන්නා සැම දෙනාගේම සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමයි. කොවිඩ් -19 වසංගතය හමුවේ ඉතාම අසීරුවෙන් වුවද අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපි තවමත් කැපවී සිටිනවා. අපේ වෛද්‍යවරුන්, උපදේශකයින්, කාර්ය මණ්ඩලය ඇතුළුව රෝහල් සේවා ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමට දිවා රෑ නොබලා කටයුතු කරන සුවවිරුවන් සියලු දෙනා තම ජීවිත ගැන නොතකා කරනු ලබන කැපී පෙනෙන, නොසැලෙන සහ පරාර්ථකාමී සේවය ගැන අපි විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි”

    “රෝහලකට එක රැයකින් මෙවැනි පිළිගැනීමක් ලබා ගත නොහැකි බව අවධාරණය කිරීමට මට අවශ්‍යයි. එය දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විශ්වාසය හා ගෞරවය දිනා ගැනීමෙන් ලැබුණු වටිනාකමක්. ඛඵෘ  සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන වඩාත් ගෞරවනීය ආයතන අතර රෝහල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමෙන් අප ලද ඉහළ ජාතික පිළිගැනීම අප මේ වන විට හිමිකර ඇති ජනතා විශ්වාසයට සහ ගෞරවය පැහැදිලි සාක්ෂියකි. ” යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ උප සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවසීය.

    1985 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල ලෙස ආරම්භ කළ නවලෝක සමූහය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ශක්තිමත් වෙළඳ නාමයක් ස්ථාපිත කර ඇත. දිවයින පුරා පිහිටි වෛද්‍ය රසායනාගාරයන් ජාලය තවදුරටත් ශක්තිමත් කරන ලද අතර කොළඹ සහ මීගමුව රෝහල් වල ඇඳන් ධාරිතාව 365 දක්වා වැඩි කරන ලදි. අද වන Nawaloka Hospitals PLC ශ්‍රී ලංකාවේ විශාලතම රෝහල් සමූහය බවට පත්ව ඇත.

    නවලෝක රෝහල් සමූහය සායනික සේවා සහ ප්‍රතිකාර තාක්ෂණය අතින් ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවාවක් පවත්වාගෙන යනු ලබන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක සිටින රෝගියකුට පහසුවෙන් ළඟා වී ප්‍රතිකාර ලබා ගත හැකි තත්වයකට වැඩි දියුණු කර ඇත. එමෙන්ම මෙරට සිටින අති දක්ෂ විශේෂඥ වෛද ්‍යවරුන්ගේ උපදේශනය, විශිෂ්ට හෙද සේවාව නවලෝක රෝහල ශ්‍රී ලංකාවේ හොඳම පුද්ගලික රෝහල බවට පත් කර ඇත. 2021 දී නවලෝක සමූහ ව්‍යාපාරය විසින් සිය මීගමුව රෝහල සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම අරඹා ඇති අතර එමඟින් කලාපීය වශයෙන් සිය සේවාවන්ගේ ශක්තිමත්බව පවත්වාගෙන යෑමට ඔවුන්ට හැකි වනු ඇත. නවලෝක රෝහල් විශේෂඥ මධ්‍යස්ථානය විසින් ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක්, පශ්චාත් කොරෝනා සත්කාර මධ්‍යස්ථානයක්, වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, ස්නායු රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ හෘද රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද ඇතුළුව සුවිශේෂී හා විවිධාකාර ප්‍රතිකාර මධ්‍යස්ථාන 14 ක් ක්‍රියාත්මක කරයි.

    2021 ජනවාරි මාසයේ සිට නවලෝක රෝහල් විසින් COVID -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඇඳන් 900 ක ධාරිතාවයක් ලබා දීමට තරු පන්තියේ හෝටල් කිහිපයක් සමඟ හවුල් වී කෝවිඩ් දැඩි සත්කාර ^ICU) පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ, අංගසම්පූර්ණ අතරමැදි සත්කාර මධ්‍යස්ථාන හතරක් ද පිහිටුවන ලදී. COVID -19 රෝගීන් 10,000 ට වැඩි පිරිසකට මෙමගින් ප්‍රතිකාර ලබා දී සාර්ථකව පිටත් කර ඇත.

    වඩාත් ගෞරවනීය ආයතන අතර ඉහළින්ම ශ්‍රේණිගත වීම පදනම් වී ඇත්තේ Monthly Digest (LMD) සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද සහ ප්‍රමුඛ පර්යේෂණ සමාගමක් වන නීල්සන් විසින් මෙහෙය වන ලද සංඝනනයකට අනුවයි. මූල්‍ය කාර්යය සාධනය, ගුණාත්මක විඥානය, කළමනාකරණ පැතිකඩ, අවංකභාවය, නවෝත්පාදනයන්, ගතිකභාවය, ආයතනික සංස්කෘතිය, CSR , දැක්ම සහ ජාතික මතය ආදී විවිධ නිර්ණායක 12 ක් හරහා ආයතනයන්හි වගකීම් දරන්නන් කළමනාකරුවන් සහ ඊට වැඩි 800 දෙනෙකුගේ නියැදියක් ආවරණය වන පරිදි කරන ලද සමීක්ෂණයට අනුව මෙවර සමාගම් ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.