නවීකරණය හමුවේ ටාජ් හෝටල් ලාභ පහළට

    February, 13, 2014

    මෙරටට සංචාරකයින් පැමිණීම වර්ධනය වෙමින් තිබීම හමුවේ ඉන්දියාවේ ටාජ් හෝටල් සමූහයට අයත් ටාජ් ලංකා හෝටල් සමාගම විසින් කොළඹ ගාලු මුවදොර පිහිටි ටාජ් සමුද්‍රා හෝටලය පසුගිය කාලයේදී නවීකරණය කළේය.

    මේ සඳහා ගිය වියදම් හේතුවෙන් පසුගිය දෙසැම්බර් කාර්තුවේදී ටාජ් ලංකා හෝටල් සමාගම රුපියල් මිලියන 118 ක අලාභයක් වාර්තා කර තිබෙන බව නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වේ.

    හෝටලය නවීකරණය කරන බැවින් මෙම කාලයේදී සංචාරකයින්ට අලෙවි කිරීමට තිබූ කාමර ප්‍රමාණය අඩුවීම ආදායම් අඩුවීමට හේතුවී තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates