නව අභ්‍යන්තර ගුවන් සේවා දෙකක්

    February, 1, 2024

    මාසයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ ගුවන් සේවා දෙකක් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී යි.

    "අපි ලංකාව ඇතුළේ ගුවන් සේවා දෙකක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරගෙන ඉන්නවා. මට ලොකු විශ්වාසයක් තියනවා තව මාසයක් ඇතුළත ඒ කටයුතු කරන්න පුලුවන් වෙයි කියලා."