නව පරපුරේ නිර්මාණකරුවන් සඳහා ම ASUS Vivobook Pro 15  එළිදක්වයි

    January, 4, 2022

    අද දවසේ නව පරපුරෙ නිර්මාණකරුවන් ගේ දෛනික නිර්මාණ අවශ්‍යතා සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති Vivobook Pro 15 OLED (M3500),  නවතම මාදිලියේ පරිගණක දෙකක් ASUS විසින් වෙළෙඳ පොළට නිකුත්කර තිබේ. පවතින වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් මෙම ලැප්ටොප් පරිගණක ද්විත්වය එළි දැක්වීම, අන්තර්ජාලය ඔස්සේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි කර ගනිමින්  පැවැත්විණි.

    ASUS Vivobook Pro 15 OLED, තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ හා ගවේෂණ ගමන් මගේ ප්‍රගතිය වැඩි කිරීමට මහෝපකාරී වන උපාංග වේ. ඔවුනට රිසි සේ අන්තර්ජාලය පරිහරණය කිරීමට,  නිර්මාණ කටයුත්තක නියැලීමට හෝ වීඩියෝ ක්‍රීඩා කිරීමට අවශ්‍ය වුවද, එම දෘශ්‍ය නිර්මාණශීලීත්වය සඳහා අවශ්‍ය බලය මෙම උපාංග සතු වේ. මෙලෙස, මෙම නවතම උපාංග  පරිශීලකයන් වෙත තිලිණ කරන්නේ, AMD Ryzen 9 5900HX CPU සමග මෙන්ම, වෘත්තීය මට්ටමේ උසස් NVIDIA GeForce RTX 3050 ග්‍රැෆික්ස් සහිතව, 16GB දක්වා ධාරිතාවයෙන් යුත් DDR4 memory ය හා 1TB PCIe® SSD සහය කර ගනිමින්, අද්විතීය නිර්මාණශීලිත්වයක් පිරි නැමීමේ අරමුණිනි.

    එමෙන්ම, පරිශීලකයින්ට MyASUS යෙදවුම ඔස්සේ අවශ්‍ය සිසිලන ක්‍රමයක් තෝරා ගැනීමට හැකිවන පරිදි,  ASUS IceCool Plus තාක්ෂණය සමගින් එන  ඉතාමත් කාර්යක්ෂම වූ ද්විත්ව පංකා පද්ධතියක් ASUS භාවිතා කරයි. මෙම වැඩිදියුණු කළ සිසිලන පද්ධතිය, පරිශීලකයාට ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමට හැකි පරිදි උපරිම කාර්යය සාධනයක් පවත්වාගෙන යාම සඳහා උපාංගය සිසිල්ව පවතින බවට සහතික කරයි. වඩාත් බලගතු 63Wh බැටරිය භාවිතයෙන් පරිශීලකයින් හට අඛණ්ඩ නිර්මාණශීලීත්වයක් තිළිණ කිරීමට  එම ලැප්ටොප්  සූදානම්ය.

    නිර්මාණාත්මක කාර්යයන් පරිපූර්ණ කරමින්, සොබා දහමේ පවතින වර්ණ ඒ ආකාරයෙන් තිරය මතට ගෙන ඒම සඳහා  ASUS OLED වෘත්තීය මට්ටමේ නිවැරදිභාවයෙන් යුක්තව වර්ණ ප්‍රතිනිර්මාණය කරයි.  සුපුරුදු 16:9 display එක   හා සසඳද්දී  16:10 display එක පුළුල් තිර අවකාශයක් පරිශීලකයින්ට එමගින් හිමි වේ. එමෙන්ම, 84% ක  screen-to-body ratio පවතින බැවින් උපාංගය ඉතාමත්ම දීප්තිමත් display එකකට හිමිකම් කියයි.  එමෙන් ම අතිශයින් ම විචිත්‍ර වර්ණ සඳහා සිනමාත්මක  මාදිලියේ  100% DCI-P3 වර්ණ gamut එකක්ද එහි භාවිත කෙරේ . තවද, මෙම උපාංගයන් වෙළෙඳ පොළ වෙත නිකුත් කෙරෙන්නේ වෘත්තීය වර්ණ නිරවද්‍යතාවය පිළිබඳව PANTONE® මගින්ද,  නිල් ආලෝකය අඩුවෙන් විමෝචනය වීම වෙනුවෙන්  TÜV Rheinland වෙතින් ද වන සහතික සමගිනි.

    නිර්මාණකරුවන් හට ධනාත්මක හා වෙනස් දෘෂ්ටියක් පිළිබිඹු කරන වර්ණ සමගින් සුවිශේෂී වෙනසක් කිරීමට හැකි පරිදි මෙම ලැප්ටොප් පරිගණක නිපදවා තිබීම විශේෂත්වයකි.  ඔවුනට සිය  ස්වකීය ආත්ම කථනය පිළිබිඹු කෙරෙන Quiet Blue හෝ ජවසම්පන්න බව පිළිබිඹු කෙරෙන Cool Silver වර්ණවලින් මාදිලි තෝරා ගත හැකිය. නිර්මාණ කාර්යයන් පහසු කරන අද්විතීය විශේෂාංග සමගින් මෙම උපංග ද්විත්වයම නිර්මාණය කර තිබෙන්නේ, පරිශීලකයන් හට අඛණ්ඩ කාර්යක්ෂමතාවක් පිරිනැමීම සඳහා ය.

    උපාංගය සම්බන්ධ කෙරෙන Wifi 6 මගින් අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීම වේගවත් කරන අතර, එය   ASUS WiFi SmartConnect ඇතුළත් ASUS Wifi Master Premium තාක්ෂණය සමගින් වඩාත් උසස් සබඳතාවක් බවට පත් කර තිබේ. WiFi SmartConnect මගින් වඩාත් සුදුසු wifi සබඳතාව තෝරා ගන්නා බැවින් ලැප්ටොප් පරිගණක හොඳම wifi සංඥා  සමග මෙන්ම දුරකතන hotspots  සමගද කිසිදු අවහිරයකින් තොරව සම්බන්ධ වේ.

    මෙහි ඇතුළත් වෙබ් කැමරාව  පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත වන පරිදි නිපදවා තිබීමද විශේෂත්වයකි. මුරපද  රහිතව ඊට ප්‍රවේශ වීම සඳහා Windows  Hello සමග අසීමාන්තිකව ක්‍රියා කරන ඇඟිලි සලකුණු සංවේදකයක්ද, power බට්න් එකෙහි පවතී.

    පහසුවෙන් දත්ත ඇතුළත් කළ හැකි  NumberPad 2.0  උපාංගය අඟල් 14 මාදිලියෙන් ද  ලබා ගැනීමට හැකිය.  එය සම්මත ප්‍රමාණයේ touchpad වෙනුවට ඇති LED මගින් ආලෝකවත් වන ද්විත්ව ක්‍රියාකාරී touchpad එකකි. ASUS මගින් වෙළෙඳපොළට නිකුත්කර ඇති, ASUS Vivobook Pro 15 OLED M3500) මාදිලි දිවයින පුරා අලෙවි ජාලය මගින් මිලදී ගත හැකිය. වැඩිදුර තොරතුරු සහ අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට https://www.asus.com/lk/content/Buy/ වෙත පිවිසෙන්න.