නව ප්‍රතිලාභ සහ විශේෂාංග රැසක් සමඟ SDB බැංකුවේ ලක්දරු ළමා ඉතුරුම් ගිණුම නව මුහුණුවරකින්

    July, 25, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන SDB බැංකුව ඉතිරි කිරීමේ පුරුද්ද ශ්‍රී ලාංකික දරුවන් තුළ ඵලදායී ලෙස වර්ධනය කිරීමේ අරමුණෙන් සිය ලක්දරු ළමා ඉතුරුම් ගිණුම වැඩි දියුණු කළ නව විශේෂාංග රැසක් සමඟින් නැවත හඳුන්වා දී ඇත. ලක්දරු ළමා ඉතුරුම් ගිණුම SDB බැංකුව විසින් 2012 වර්ෂයේදී හඳුන්වා දුන් අවස්ථාවේ පටන්ම කැපී පෙනෙන සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කර ඇති අතර අද වන විට ඊට සුවිශේෂී විශේෂාංග රැසක් හඳුන්වා දී වැඩිදියුණු කර ඇත.

    “ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් තෝරාගැනීමක්“ යන තේමාව ඔස්සේ කටයුතු කරන SDB ලක්දරු ළමා ඉතුරුම් ගිණුමෙන් වෙළෙඳපොල තුළ ඉහළ පොලී අනුපාත පිරිනමන බැවින් ඵලදායී ඉතුරුම් ප්‍රතිලාභ අපේක්ෂා කරන දෙමව්පියන්ට එය කදිම විසඳුමක් වනු ඇත. ඊට අමතරව SDB ලක්දරු ළමා ඉතුරුම් ගිණුමෙන් ත්‍යාග, රක්ෂණ යේජනා ක්‍රම සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරන දරුවන්ට සුවිශේෂී ශිෂ්‍යත්ව සම්මානය ද පිරිනැමෙයි.

    SDB ලක්දරු ළමා ඉතුරුම් ගිණුම තෝරා ගැනීමෙන් තම දරුවන්ට සුරක්ෂිත මූල්‍ය අනාගතයක් පිරිනැමීමට මෙන්ම ප්‍රතිලාභ සහිත ලෝකයක් විවෘත කිරීමට ද දෙමව්පියන්ට අවස්ථාව උදා වේ. දරුවන්ගේ ඉතුරුම් ගමනේ සංධිස්ථාන සනිටුහන් කරමින් ඔවුන්ට පිරිනමන ත්‍යාග සහ වවුචර් පත්‍ර නිසා දරුවන්ගේ ඉතුරුම් පුරුදු වර්ධනය කිරීමටත් ඊට උද්යෝගයක් ඇති කිරීමටත් ඉඩ සැලසේ. SDB බැංකුව, පවුල තුළ මූල්‍ය සුරක්ෂිතතාවයේ වැදගත්කම හඳුනාගෙන ඇති අතර රු. 50,000/=ට වැඩි ලක්දරු ඉතුරුම් ගිණුම් සඳහා රෝහල් රක්ෂණයක් හඳුන්වා දෙමින් දරුවන්ගේ යහපැවැත්ම ද සහතික කර ඇත.

    එසේම ලක්දරු ඉතුරුම් ගිණුම දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට ද ශක්තියක් වෙමින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී සුවිශේෂී දක්ෂතා දක්වන දරුවන්ට ඔවුන්ගේ ලක්දරු ගිණුම්වල ශේෂය මත පදනම්ව ආකර්ෂණීය ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරයි. ඒ SDB බැංකුව දරුවන්ගේ ඉගෙනීම පෝෂණය කිරීමට මෙන්ම අධ්‍යාපනික ජයග්‍රහණ අගය කිරීමට නිරන්තරයෙන්ම කැප වී සිටින නිසාය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවන් ලෙස SDB බැංකුවේ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය, පුළුල් මූල්‍ය සේවා පරාසය, මූල්‍ය තිරසාරත්වය සහ පැහැදිලි අනාගතයක් වෙනුවෙන් වන කැපවීම ඉහළ පිළිගැනීමකට ලක් වී ඇත. රට පුරා විසිරී සිටින පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගන්වමින් රටෙහි අභ්‍යන්තර ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා SDB බැංකුව වසර 25කට අධික කාලයක් කැපවීමෙන් කටයුතු කරයි.

    ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කර ගැනීම සඳහා SDB ලක්දරු ළමා ඉතුරුම් ගිණුම සමඟ හැකි ඉක්මණින් සම්බන්ධ වෙමින් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්නා ලෙස SDB බැංකුව දෙමව්පියන්ට සහ දරුවන්ට ආරාධනා කර සිටියි.

    අපි එකට එක් වී ඔබේ දරුවාට සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කරමු. ඔබේ දරුවාගේ ඉතුරුම් උනන්දුව සහ ඉතුරුම් හැකියාව දියුණු කිරීම සඳහා SDB ලක්දරු ඉතුරුම් ගිණුමක් අදම ආරම්භ කරන්න.

    ළඟම පිහිටි SDB බැංකු ශාඛාවකට පිවිසීමෙන් හෝ 0115411411 අමතා පැය 24ම ක්‍රියාත්මක SDB බැංකුවේ දුරකථන සේවාව හා සම්බන්ධ වීමෙන් හෝ https://www.sdb.lk/en/personal/savings/lakdaru වෙබ් අඩවියට පිවිසීමෙන් SDB ලක්දරු ඉතුරුම් ගිණුම ඇතුළු සෙසු මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.