October, 3, 2023
සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී රට තුළ වඩා යහපත් ආයෝජන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇති බව රජය පවසයි.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්‍රමාණය කඩිනමින් විසඳා අවසන් කිරීම තහවුරු කිරීම පිණිස නව වාණිජ මහාධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව අදාළ වාණිජ මහාධිකරණය කොළඹ 12 අධිකරණ මාවතේ අංක 80 දරන ස්ථානයෙහි ස්ථාපිත කිරීම පිණිස අධිකරණ අමාත්‍යවරයා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
Video Story