January, 18, 2024
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබා ගැනීම එළඹෙන ජූනි මාසය ඇතුළත සිදුකිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පවසයි.
අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් දී ඔහු මේ බව සඳහන් කළේය.
“නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. මේ වෙන කොට ඒ අදාළ යටිතල පහසුකම් සකස් කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ Facial recognition වලට අදාළ දත්ත එකතු කරන්න, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ කටයුතු ආරම්භ කරන්න ජූනි මාසය තුළ.“
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, දීර්ඝ කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබුණු මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලිය මෙම වසර තුළ අනිවාර්යයනේම ආරම්භ කිරීමට අවශ්‍ය කෙරෙන කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.
Video Story